ඉදිරි පැය 24 තුළද මි.මි. 150කට අධික වාර්ෂාපතනයක්
වර්ෂ ගණනාවකට පසුව ඇද හැලුණු මි.මි. 400කට අධික වාර්ෂාපතනයක් ඇද හැදීම හේතුවෙන් ප්‍ර දේශ කීපයකට ගං වතුර තත්වයක් හා නාය යාමේ තත්වයන් වාර්තා වේ. සබරගමුව, බස්නාහිර, දකුණ පළාත් සදහා අධික වාර්ෂා පතනයක් ඉදිරි පැය 24 තුළද වාර්තා විය හැකි බව කාල ගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කොට සිටී. මේ හේතුවෙන් ප්‍රදෙශීය ලේකම් කොට්ටාශ 13කට අයත් නාය යාමේ තර්ජන නිකුත්කො ටඇති අතර අදාළ ප්‍රදේශවල පුද්ගලයින් ආරක්ෂිත ස්ථාන වෙත යොමු විය යුතු බවද එහි සදහන් වේ. ආපදාවන්ට පත්වූවන්ට සහන සැලසීම සදහා ගුවන් හමුදාව හා නාවික හමුදාවේ කණ්ඩායම් කිහිපයක් සූදානම් කොට ඇති බව හමුදා මූලස්ථානය නිවේදනයක් නිකුත් කොට තිබේ. මේ අනුව දිවයිනට බලපැවැත්වෙන මෙම අයහපත් කාලගුණික තත්වයන් සැලකිල්ලට ගෙන කටයුතු කරන මෙන් මහජනතාව වෙත ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය නිවේදනය කොට තිබේ.