මාධ්‍ය අධ්යක්ෂ ධූරයෙන් වරුණ රාජපක්ෂ ඉල්ලා අස්වේ..!
ජනාධිපති මාධ්‍ය අංශයේ සංවර්ධන හා සංනිවේදන ඒ්කකයේ අධ්යක්ෂ වරුණ දිප්ති රාජපක්ෂ අදාළ ධූරයෙන් ඉල්ලා අස්වී ඇති බව වාර්තාවේ. මෙම ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් ඔහු ජනාධිපති ලේකම්වරුයා වෙත යවන ලද ලිපියේ සදහන් වන්නේ අදාළ ඉල්ලා අස්වීම සදහා පුද්ගලික හේතුවක් බලපෑ බවය.
ඒ් අනුව වරුණ රාජපක්ෂ මහතාගේ පාවිච්චිය සදහා ජනාධිපති මාධ්‍ය අංශය මගින් ලබා දී තිබූ මෝටර් රථයද අදාළ ඉල්ලා අස්වීම සිදු වූ දිනයේදීම භාර දීමට ඔහු කටයුතු කොට ඇති බවද වාර්තාවේ.
මෙම ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් වරුණ රාජපක්ෂ සදහන් කර සිටියේ තමා එක්සත් ජාතික පක්ෂයේ ආසන සංවිධායකවරයෙකු වන බැවින් ජනාධිපතිවරණ සමයේ මැතිවරණ කටයුතු සිදු කිරීම හා රාජ්‍ය දේපල යොදා ගැනීම මැතිවරණ නීතියට පටහැනි බැවින් අදාළ ඉල්ලා අස්වීම සද්භාවයෙන් නීතියට ගරු කොට සිදු කළ එකක් බවය.
වරුණ රාජපක්ෂ එක්සත් ජාතික පක්ෂයේ ගම්පහ ආසන සංවිධායක වන අතර පසුගිය කාලයේ එජාපය නියෝජනය කරමින් රූපවාහිනී සංවාද සදහා සහභාගී වූවන් අතර කතා බහට ලක් වූ චරිතයක් විය. එසේම ඒ් හරහා ඔහු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ වැඩපිළිවෙල සමාජ ගත කිරීම සදහා සුවිශේෂී මැදිහත්වීමක් දරූවෙකි.