වෙනිසුවෙලාවේ ජනාධිපතිවරු දෙදෙනෙක් ?
දකුණු ඇමරිකානු රාජ්‍යයක් වන වෙනිසියුලාවේ පැවති ජනාධිපතිවරණයෙන් වත්මන් ජනාධිපති නිකොලස් මඩුරෝ හා ඔහුගේ ප්‍රතිවාදියා වන එඩ්මන්ඩෝ ගොන්සාලේස් යන දෙදෙනාම ජයග්‍රාහකයන් ලෙස ප්‍රකාශයට පත් කර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. ඇමරිකානු රජය මෙන්ම සෙසු විදේශීය රජයන් වත්මන් වෙනිසියුලා ජනාධිපති මඩුරෝට ලැබුණු නිල ඡන්ද ප්‍රතිඵලය පිළිබඳව සැක කිරීම හේතුවෙන් මෙම පියවර ගෙන තිබේ.
වෙනිසියුලා රාජ්‍යයේ ජාතික මැතිවරණ අධිකාරිය විසින් ජනාධිපතිවරණයේ ප්‍රකාශිත මුළු ඡන්දවලින් සියයට 51 ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගත් වත්මන් ජනාධිපති මඩුරෝ තුන්වැනි වරටත් ජනාධිපති ධුරයට පත්ව ඇති බව නිවේදනය කර තිබිණි. එහෙත් ස්වාධීන ජනමත විමසුම්වලදී හෙළිදරව් වී තිබුණේ විපක්ෂයට දැවැන්ත ජයග්‍රහණයක් හිමිවන බවකි. ඉදිරියේදී වෙනිසියුලාවේ රාජ්‍ය පාලනයේ කුමන ආකාරයේ වෙනසක් ඇති වේදැයි කිව නොහැකි බව දේශපාලන විචාරකයන් විසින් පවසා ඇති අතර තමන් ජනතාවට වීථි බැස සටන් කරන ලෙස ඉල්ලා නොසිටින බව විපක්ෂ නායක ගොන්සාලෙස් පවසා තිබේ.