ජනාධිපතිවරණය කල් දාන්න එජාපෙන් යෝජනාවක්
ජනාධිපතිවරණය කල් දැමීමේ යෝජනාව සම්මත කරගෙන, එය ජනමත විචාරණයකින් තහවුරු කරගැනීම වඩා ප්‍රායෝගික හා ප්රජාතන්ත්රවාදී බව එජාප මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර අද මාධ්‍ය හමුවක් පවත්වමින් සදහන් කොට සිටියේය
මහලේකම්වරයා වැඩිදුරත් සදහන් කොට සිටියේ මෙය මැතිවරණ සිතියම අකුලාදැමීමක් හෝ ප්රජාතන්ත්රවාදී අයිතිය අහිමි කිරීමක් නොවන බව ද පැවසීය.
ජනාධිපතිවරණය හා මහ මැතිවරණය අවුරුදු දෙකකට කල් දැමීමේ යෝජනාවක් පාර්ලිමේන්තුවට ගෙන එන ලෙසට එක්සත් ජාතික පක්ෂය පාර්ලිමේන්තුවේ සියලු දේශපාලන පක්ෂ නායකයින්ගෙන් හා මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලීමක් කළේ ය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මෙම යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම යෝග්‍ය බව ත්, ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක ඇතුළු සෙසු මන්ත්‍රීවරුන් ඊට සහය දැක්විය යුතු බව ත් එජාප මහලේකම් පාලිත රංගේ බණ්ඩාර පැවසීය.
තව ද මෙම අවස්ථාව මගහැරීමෙන් වළකින ලෙසට සියලු දේශපාලන පක්ෂවලින් ඉල්ලීමක් කරන බව ද ඔහු සඳහන් කළේ ය.