රජයේ සියලු පාසල් 09 වන දා විවෘතයි
රජයේ සියලු ම පාසල් හෙට (ජූලි 9) සාමාන්‍ය පරිදි පැවැත්වෙන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන අමාත්‍යංශය මේ බව සඳහන් කළේ ය.
මූලික වැටුප රුපියල් 20,000කින් වැඩි කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් රාජ්‍ය සේවයේ වෘත්තීය සමිති 200කට වැඩි ප්‍රමාණයක් අද (ජූලි 8) හා හෙට (ජූලි 9) දෙදින තුළ ලෙඩ නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබේ.