සමෘද්ධි බැංකු රජයේ විගණනයට
ක්ෂුද්‍ර මූල්‍ය කටයුතු ප්‍රවර්ධනය කිරීම අරමුණින් සමෘද්ධි ප්‍රජා මූල බැංකු සහ සමෘද්ධි බැංකු සමිති රජයේ විගණනය යටතේ පවත්වාගෙන යාමට තීරණය කොට ඇත. මේ සදහා ප්‍රජාමූල බැංකු 1,092ක් සහ සමෘධි ප්‍රජාමූල බැංකු සමිති 335ක් මේ වන විට රට පුරා පවත්වාගෙන යයි.
සමෘද්ධි පනතේ විධිවිධාන පරිදි එම ප්‍රජාමූල බැංකු සහ බැංකු සමිති වාර්ෂිකව සමෘධි සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් අභ්‍යන්තර විගණන අංශය මගින් විගණනය කරන බව ද රජය පැවසීය.
කෙසේ වෙතත්, ඒවා ජාතික විගණන කාර්යාලයේ විගණනයට ලක් විය යුතු බවට වන විධිවිධාන සමෘද්ධි පනතේ අන්තර්ගත කර නොමැත.
රජය සඳහන් කළේ, සමෘධි ප්‍රජාමූල බැංකු සහ සමෘධි ප්‍රජාමූල බැංකු රජයේ විගණන කාර්යාලය විසින් විගණනය කරනු ලැබීම මගින් ඒවායේ කාර්යයන් විනිවිදභාවයෙන් පවත්වා ගැනීමට සහ මහ ජනතාවගේ විශ්වාසය සහ පිළිගැනීම වර්ධනය කිරීමට හැකිවනු ඇතැයි හඳුනා ගෙන ඇති බව ය.
ඒ අනුව, එම කාර්යය සඳහා අවශ්‍ය විධිවිධාන පනවමින් 2017 අංක 2 දරන දිවි නැගුම (සංශෝධන) පනතින් සංශෝධිත 2013 අංක 1 දරන සමෘධි පනත සංශෝධනය කිරීමට ත්, ඒ සඳහා පනත් කෙටුම්පතක් සකස් කරන ලෙසට නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීමටත් මෙලෙස අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබේ.
කාන්තා, ළමා කටයුතු සහ සමාජ සවිබල ගැන්වීම් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ඊට ආදළ යෝජනාව ඉදිරිපත් කරනු ලැබ ඇත.