අම්මාගේ කෝල් එකෙන් සජී බබාට එස්.ටී.එෆ් 80කගේ ආරක්ෂාව
පොලිස්පතිවරයා පත් කිරීම වහාම සිදු කරන ලෙසත් නැතිනම් ජනාධිපතිකම භාර දීලා රනිල් වික්‍රමසිංහට ගෙදර යන ලෙසත් පවසන සජිත් ප්‍රේමදාසගේ ආරක්ෂාවට එස්.ටී.එෆ් භටයින් 80කගේ ආරක්ෂාව ලබා දීමක් සම්බන්ධයෙන් පුවතක් වාර්තාවේ. මේ සිදුවීම සිදුවන්නේ ජනාධිපතිවරණයට ඉදිරිපත් වන තම පුත්‍රයාට ආරක්ෂාව මදි බව පවසමින් හේමා ප්‍රේමදාස විසින් මහජන ආරක්ෂාව සම්බන්ධ ඇමති ටිරාන් අලස්ට දුරකථන ඇමතීමක් ලබාදීම සමගිනි.
ඇය මෙහිදී ඇමතිවරයාට පවසා ඇත්තේ බබාට ආරක්ෂාව මදි බවත් පවතින තත්වය අනුව ආරක්ෂාව සදහා අමතර පොලිස් භඩයින් පිරිසක් ලබා දීමට කටයුතු කරන ලෙස කළ ඉල්ලීමකට අනුවය.
ටිරාන් අලස් විසින් අද උදෑසන වන විට පවතින පොලිස් භටයින්ගේ ආරක්ෂාවට අමතරව නව විශේෂ කාර්යය බලකායේ නිලධාරීන් 80ක් ලබා දීමට පියවර ගත්තේය.
ජනාධිපති අපේක්ෂකයෙකු හට ආරක්ෂාව සැලසීම සදහා මීට වඩා භටපිරිසක් ලබා දීමට පියවර ගන්නේ නම් එය ආරක්ෂාව සම්බන්ධයෙන් ගැටළුවක් නොවේ. එහෙත් සජිත් ප්‍රේමදාස වේදිකා දෙවනත් කරමින් කෑ ගසන්නේ පොලිස්පති නෑ ඒ නිසා ආරක්ෂාව නැති බව දක්වමිනි. එහෙත් නැති පොලිස්පති වරයෙකු යටතේද තමන්ගේ ආරක්ෂාවට එස්.ටී.එෆ් භටයින් ලබා ගැනීම සම්බන්ධයෙන් සජිත් ප්‍රේමදාස කිසිවක් දන්නේ නැති වීම පුදුමයකි.
fකෙසේ නමුත් බබාලාට වැඩිහිටියන්ගේ කතා අසන්නට අවශ්‍ය නැති බව අම්මාවරුන්ගේ සාමාන්‍ය පුරුද්දකි. මේ නිසා සජිත් බබාට නැති පොලිස්පතිගෙන් ආරක්ෂාව ලැබීම ගැන නොදන්නවා විය හැකිය.