පොහොට්ටුවේ සාමාජිකයින් පවිත්‍රාගේ ගෙයි වටලයි
රත්නපුර දිස්ත්‍රික්කයේ පොහොට්ටු සාමාජිකයින් අද උදෑසන පවිත්‍රා දේවි වන්නිආරච්චිගේ නිවස වටකොට ගෙන රැස්විය. රැස්ව විටි පිරිස සදහන් කොට ඇත්තේ පක්ෂය දෙකඩ නොවන ලෙස ජනාධිපතිවරණයේදී නායකයින් කටයුතු කළ යුතු බවයි. මෙම පිරිසේ ඉල්ලීම වී ඇත්තේ වත්මන් ජනාධිපතිවරයාට සහාය දැක්වීම සදහා පොදු ජන පෙරමුණේ නායකත්වය කටයුතු කළ යුතු බවයි.
පුද්ගල හෝ පවුල්වාදී තීන්දුවලින් තොරව පොදු ජනමතය නියෝජනය වන පරිදි පක්ෂය විසින් තීනදු තීරණ ගත යුතු බවත් මෙහිදී පිරිස ප්‍රකාශ කර ඇත. ඒ අනුව සියලු දෙනා එක්ව පක්ෂය බෙදී නොයන පරිදි තීන්දුවක් ගත යුතු බව මෙම පිරිස අවධාරණය කර ඇත.
අදාළ තත්වයන් සම්බන්ධයෙන් පක්ෂය දැනුවත් කිරීම සදහා ඇමතිවරිය කොළඹ නෙළුම් මාවතේ කාර්යාලය වෙත පැමිණ ඇත