තිලකරත්න ඩිල්ෂාන්ගේ දුවත් ජය කෙහෙළි නංවයි.
තිලක රත්න ඩිල්ෂාන් ගැන ලෝකයම කතා කරපු කාලයක් ඔබට මතක ඇති. ඩිල්ස්කුප් නමින් ක්‍රිකට් පොතට පහරක්ද වැටුනෙ ඩිල්ෂාන්ගෙ පිත්තෙන් දක්වපු දක්ෂ පහර දීමකට ලැබුනු ඓතිහාසික තෑග්ගක් විදියට. ඉතිං ඩිල්ෂාන් ක්‍රිකට්වලට ඔන්න තවත් දායාදයක් එකතු කරල. ඒ තමන්ගේ දුව ක්‍රිකට් පිටියට එකතු කිරීම. තාත්තා වගෙම දුවත් හරි අපූරු දක්ෂතා දක්වන බවට සලකුණු දැන් දැන් වාර්තාවෙමින් තියෙනවා.
මේ ඒ ගැන විස්තරය.
අවුරුදු 23න් පහළ කාන්තා නැශනල් සුපර් ලීග් 2024 තරඟාවලියේ පලමු තරඟය ලෙස දඹුල්ල හා ගාල්ල කණ්ඩායම අතර පැවතී තරඟයෙන් ලකුණු 14ක ජයක් වාර්තාකර ගැනීමට දඹුල්ල කණ්ඩායම සමත්වුණා.
මෙම තරඟයේදී ශ්‍රී ලංකා හිටපු සුපිරි ක්‍රීඩක තිලකරත්න ඩිල්ශාන්ගේ දුව වන, ලිමිනි ලිමන්සා තිලකරත්න ද ක්‍රීඩා කළ අතර, ඇය දඹුල්ල කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කළා.
පලමුව පන්දුවට පහරදුන් දඹුල්ල කණ්ඩායම පන්දුවාර 19.3ක් අවසානයේදී ලකුණු 83කට සියලුම දෙනාදැවී ගිය ගිය අතර, ලිමන්සා තිලකරත්න ලකුණු 2කකට දැවීගියා.
නමුත්, පිලිතුරු ඉනිම ක්‍රීඩා කළ ගාල්ල කණ්ඩායමට සියලුම දෙනා දැවී ලබාගැනීමට හැකිවූයේ ලකුණු 69ක් පමණයි. ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූයේ කඩුලු රකින ක්‍රීඩිකා චමෝදි දේවින්ද්‍යා යි. ඇය පන්දු 26කදී ලකුණු 15ක් වාර්තාකළා.
පන්දු යැවීමේදී, ලිමන්සා තිලකරත්න පන්දුවාර 3.1ක් අවසානයේදී ලකුණු 9කට කඩුලු 2ක් බිඳ දැමීමට ද සමත්වුණා.