කඩුගන්නාවේ ගල ඉවත් කෙරේ..
පහල කඩුගන්නාවේ බැවුමේ ඇති අවධානම් සහිත ගල් කිහිපය ඉවත් කිරීමේ කටයතු ආරම්භ කල බව කෑගල්ල ආපදා කළමණාකරන මධ්‍යස්ථානයේ සහකාර අධ්යක්ෂ අනුෂ්ක චමිල පවසයි.
අවධානම් සහිත ගල් ඉවත් කිරීමේදි කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ ගමන් ගන්නා කිසිවෙකුට අවධානමක් නොවන පරිදි රසායනික කෙමිකල් භාවිත කර ගල් කැඩිම සිදු කරනු ලැබූවත් අවධානම අවම කර ගැනිම සදහා මාර්ගයට ඉහලින් සවිමත් කම්බි යොදා දැල් ආවරණයක් සකසනු ලබන බව කි ඒ මහතා ගල් ඉවත් කරන අවස්ථාවේදි විනාඩි 15 ක් පමණ කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ ගමන් ගන්නා වාහන නවතා දැමිමට කටයුතු කරනු ලබන බවද පැවසිය.
මේ වන විට අවධානම අඩු කර ගැනිම සදහා ආරක්ෂිත දැල් ආවරණය කිරිම ආරම්භ කර ඇති බවත් එම දැල් නිසා මාර්ගයේ ගමන් ගන්නා කිසිවෙකුට අවධානමක් ඇති නොවන බවද අනුෂ්ක චමිල මහතා පැවසිය.
ගල් ඉවත්කිරිමේ කටයුතු ඉක්මනින් අවසන් කිරිමට නොහැකිවි ඇත්තේ පවතින අයහපත් කාළගුණය නිසාවෙන් හටගන්නා වර්ෂාව නිසා බවත් වර්ෂාව අඩුවුවහොත් ඉතා ඉක්මනින් මෙම අවධානම් සහිත ගල් ඉවත්කිරිම අවසන් කිරිමට හැකි බව ඒ මහතා වැඩි දුරටත් පැවසිය.
ලංකාදීප