Main News

IMF තුන්වන වාරිකය නිකුත් වෙයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට හඳුන්වා දෙනු ලැබ ඇති විස්තීර්ණ ණය පහසුකමට අදාළ දෙවන සමාලෝචනය සඳහා අනුමැතිය හිමිවිණි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින් ඊයේ (ජූනි 12) දිනයේ ඊට අදාළ අනුමැතිය ලබා දී ඇත.

ඒ අනුව, මාස 48ක් සඳහා ක්‍රියාත්මක ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විස්තීරණ ණය පහසුකමට අදාළ තෙවන වාරිකය ශ්‍රී ලංකාවට ලබා දීමට එහිදී තීරණය කර තිබේ.

තෙවන වාරිකය වෙනුවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 336ක පමණ මුදලක් ශ්‍රී ලංකාවට ලබා දීමට නියමිත ය.

2023 වසරේ මාර්තු 20 වන දින ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින් ඇමෙරිකානු ඩොලර් බිලියන තුනකට ආසන්න මුදලක් විස්තීරීණ ණය පහසුකම යටතේ මාස 48ක කාලයක් තුළ ශ්‍රී ලංකාවට ලබා දීමට එකඟතාව පළ කරනු ලැබීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *