ෆොනී සජිත්ගේ රෙදි ගලවයි – ( වීඩියෝ )
මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකාට පාර්ලිමේන්තුව ඇමතීම සදහා තමා නියෝජනය කරන සමගි ජන බලවේගය පක්ෂයෙන් අවස්ථාවක් ලබා නොදීමට එහි නායකත්වය තීරණය කොට ඇති බව අද ( 20) පාර්ලිමේන්තුවේදී සදහන් කොට සිටියේය.
මෙහිදී සමගි බලවේගයේ නායකත්වය තරයේ විවේචනය කළ සරත් ෆොන්සේකා මන්ත්‍රීවරයා තමා මහජන ඡන්දයෙන් පාර්ලිමේන්තුවට පැමිණි බවත් සමගි ජන බලවේගයේ සංවිධායකයා තමාට වඩා අඩු ඡන්ද සංඛ්‍යාවක් ලබා පාර්ලිමේන්තුවට පත්වූ බවද සදහන් කළේය. එසේම ජනතාවට බඩු බෙදා දී මේක නේද ජනතාව ඉල්ලන වෙනස යැයි ජනතාවගෙන් අසන බවත් මෙවැනි නායකයන් ද අනාගතයේ රටේ නායකත්වය භාර ගැනීමට සිටින්නේ ? යැයි ප්‍රශ්නකර සිටියේය.
ජනතාව මේවා තේරුම් කර ගත යුතුයි. මේ රටේ දැක්මක් නැති අය නායකත්වයින් හැදීම සම්බන්ධයෙන් ජනතාව දැන ගත යුතුයි. තාත්තා ජනාධිපති වූ පලියට හෝ පක්ෂ නායකයක් වූ පලියට රට කිසිවෙකුට භාර දිය යුතු නැතැයිද ඔහු පාර්ලිමේන්තුව හමුවේ ප්‍රකාශ කර සිටියේය.