ජනාධිපතිවරණයට පෙර ජාතික ආණ්ඩුවක්
ජනාධිපතිවරණයට පෙර ජාතික ආණ්ඩුවක් පිහිටුවීම සදහා වන සාකච්ඡාවක් පසුගියදා සිදුව ඇති අතර මේ සදහා සමගි ජන බලවේගයේ ජ්‍යෙෂ්ඨ නියෝජිතයන් කිහිප දෙනෙකු එක්වී ඇති අතර රජයේ පාර්ශ්වයෙන්ද නියෝජිතයින් කිහිපදෙනෙකු සහභාගි ඇති බව වාර්තාවේ.
අලුතින් ආණ්ඩුවට එකතුවන පිරිසට ඇමතිකම් ලබාදීම සඳහා මෙහිදි සාකච්ඡාවට භාජනය වී ඇති අතර එය සාර්ථක වුවහොත් දැනට පවතින කැබිනට් ඇමති තනතුරු ප්‍රමාණය තවත් ඉහල දැමීමට හැකි බවද එම ආරංචි මාර්ග සනාථ කළා.
අදාළ සාකච්ඡාව සඳහා සමගි ජන බලවේගයේ ජ්‍යෙෂ්ඨ නියෝජිතයන් කිහිප දෙනෙකු එක්වී ඇති අතර රජයේ පාර්ශ්වයෙන්ද නියෝජිතයින් කිහිපදෙනෙකු සහභාගි තිබෙනවා.
මේ අතර මෙම සාකච්ඡාවේදී ජාතික ආණ්ඩුවේ සංයුතිය පිළිබඳව දීර්ඝ ලෙස සාකච්චා කර ඇති අතර හැකි විගස එය අවසන් කිරීමට ද අවධානය යොමු කර ඇත.
AM.lk