Local News

දේශබන්දුට අතුරු තහනම් නියෝගයක්

දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධූරයේ කටයුතු කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද (ජූලි 24) අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.

ඔහු පොලිස්පතිවරයා වශයෙන් පත් කිරීමට ජනාධිපතිවරයා ගනු ලැබූ තීරණය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා මූලික අයිතිවාසිකම් පෙත්සම් 9 ක් විභාගයට ගැනීමට අවසර දෙමින් ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝගය ලබා දී ඇත.

කාදිනල් අති උතුම් මැල්කම් රංජිත් හිමිපාණන් ඇතුළු පාර්ශවකරුවන් විසින් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම් ඉදිරිපත් කරනු ලැබ තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *