Features

ජනාධිපති සහෝදරයා හා හමුදා ගැසට් නිවේදනය.

මහජන සාමය ආරක්ෂා කිරීමේ අරමුණෙන් අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා අත්සන් කළ හදිසි නිවේදන ගැසට්ටුව පිළිබඳව ඇතැම් පිරිස් කතාකරන්නේ නොරුස්නා ස්වරූපයෙනි. ඔවුන්ගේ තර්කය වන්නේ හදිසි තත්ත්වයක් නැති වෙලාවක හදිසි නීතිය කුමටද? අනුර කුමාර ජනාධිපතිවරයා විපක්ෂයේ සිටින විට හදිසි නීතියට විරුද්ධව හඬ නැගුවා, එහෙත් ඔහු බලය ගත්පසු කරන්නේ හිටපු පාළකයෝ කරපු වැඩේමනේ යන තර්කයක් හැටියට මේක ආකර්ෂණීය වෙන්න පුළුවන්, එහෙත් මහපොළොවේ යතාර්ථය තේරුම් ගැනීම අත්‍යවශ්‍ය කරුණකි. මහජනතාවට ආරක්ෂාව සැපයීම ජනාධිපතිවරයාට පැවරී ඇති වගකීමකි. මහජන ආරක්ෂක පනතේ 12 වෙනි වගන්තියට ප්‍රකාරව ඔහු ඉටුකර ඇත්තේ නීත්‍යානුකූල ක්‍රියාවකි.

අනුර කුමාරගේ ජයග්‍රහණය හිටපු පාලක ප්‍රභූ පැලැන්තියට අදහා ගත නොහැක්කකි. ඔවුන්ගේ දේශපාලන පැවැත්ම, බලය, තාන්න මාන්න, ප්‍රභූත්වය, කොමිස් ගැහිලි, ඥාති සංග්‍රහ, විදේශ සංචාර මේකි නොකී සියල්ල අහෝසි වන්නේය. දේශපාලන බළය යනු ඔවුන්ගේ පැවැත්මේ මූලික පදනමයි. එනිසා සතුරා නිහඬව හිටීවි යයි උපකල්පනය කිරිම ගෙල සියතින්ම සිඳගැනීමකි. විමල් වීරවංශ හිටපු ඇමැතිවරයා, චමුදිත සමරවික්‍රමගේ සමග පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවකදී, පශ්චාත් මැතිවරණ ප්‍රචණ්ඩත්වය පිළිබඳව ඉතා වගකීම් සහගත අනාවරණයක් කළේය. මැතිවරණය නිමවූ විගස විපක්ෂයේ ප්‍රබලයෙක් හා අවස්ථාවදී දේශපාලන උපාය මාර්ග දෙස උකුසු ඇස් හෙලාගෙන ඉන්න පාඨලී චික කීවේ කුමක්ද? අනුර කුමාරට විරුද්ධව ලක්ෂ 85 ක් ඡන්දය පාවිච්චිර තිබෙන බවය. ජනතාව උසිගැන්වීම ඔවුන්ගේ බලාපොරොත්තුවයි. පරණ ප්‍රභූ පැළැන්තිය දැන් ඉන්නෙ වෙඩි කාපු ඌරා වැනිය. විමල් සඳහන් කළ පශ්චාත් මැතිවරණ ප්‍රචණ්ඪත්වය සදහාවූ පළමු වෙඩිල්ල පත්තු කළේ පාඨළී චම්පකයා විසිනි. එය පුස් වෙඩිල්ලක් වීම ජනතා ජයග්‍රහණයකි. මේ තත්ත්වයන් සැලකිල්ලට ගත්කළ හදිසි තත්ත්වයක් ඇති නොවේයයි කියන්නේ කොහොමද? තවද බුද්ධි අංශ වාර්තාවලටද ප්‍රමුඛත්වය ලබාදීම කළයුතුව ඇත.

ජාත්‍යන්තර අත්දැකීම්: 1973 වසරේ සැප්තැම්බර් 11 වෙනිදා චිලීයේ ප්‍රජාතන්ත්‍රවාදීව ජනතාව තෝරාගත් වාමාංශික නායක සැල්වඩෝර් ඇලෙන්ඩිඩි (Salvador Allende) හමුදා කුමන්ත්‍රණයකින් ඝාතනය කලේය. 1970 බලය ලබාගත් ඇලෙන්දි වැඩකරන ජනතාව වෙනුවෙන් ගත් තීන්දු තීරණ ධනපති පන්තියට ඉවසුම් නොදුන්නේය ඔවුන්ට ඒවා ගැරඬියාට භුමිතෙල් ගෑවා වගේය.අදිරාජ්‍යවාදීන් ශතවර්ෂ ගණනාවක් තිස්සේ පාලනය කළ තඹ කර්මාන්තය ජනසතු කළේය. තඹ නිෂ්පාදනය එරට දළ දේශීය නිෂ්පාදනයට එක් කළ පංගුව ඉතා විසාලයි. මෙනිසා ඇමෙරිකා එක්සත් ජනපදයේ සහාය ඇතිව, චීළීයේ හිටපු හමුදා නායක ඔගස්ටෝ පීනචෙට් (Augusto Pinochet) ඉතා සහාසික අන්දමින් ඝාතනය කළේය. ඔහුගේ කාර්යාලයේ ඇලෙන්ඩේගේ කර්යය මණ්ඩලය 1500 කට ආසන්න පිරිසකට සිදුවූ දේ අදටත් අභිරහසකි. ඉන්පසු ආරම්භ වූ පීනචේගේ ජනඝාතක හමුදා ආණ්ඩුව විසින් 40,000 කට ආසන්න රටට ආදරය කළ චීලි ජාතිකයින් පිරිසක් අනේකවිධ දසවද බන්ධයන්ට ලක්කොට ඝාතනය කළේය.

දෙවැනි ජාත්‍යන්තර අත්දැකීම: පැට්‍රිස් ලුනුම්බා ඝාතනය. 1961 ජනවාරි 17 වෙනිදා ප්‍රජාතන්ත්‍රවාදීව බලයට පත්වූ නිදහස් කොංගෝවේ පළමු අගමැතිවරයා වූ පැට්‍රිස් ලුනුම්බා ඝාතනය කලේ බෙල්ජියම්-එක්සත් ජනපද කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් හැටියටයි. 1960 වසරේදී බෙල්ජියම අධිරාජ්‍යවාදි දඬු අඬුවෙන් කොංගෝව නිදහස් කලේය. එහෙත් බෙල්ජියම දේශීය පාලකයන්ට ආපසු දුන්නේ අවුල් ජාළයන්ගෙන් පිරිනු රටකි. ජිවනබර දරාගත නොහැකිව රටවැසියෝ කැරළි ගැසුහ. හමුදා සොල්දාදුවො හමුදා නායකයන්ගේ අන නොතකා හැරියහ. මෙනිසා නැවතත් තම හාම්පුතාගේ උදව් ඉල්ලීම හැර වෙනස් විකල්පයක් ලුනුම්බා පාළනයට නොතිබිණි. ඒ අනුව බෙල්ජියම් හමුදා, එක්සත් ජනපද හමුදා සහ එක්සත් ජාතීන්ගේ සාමසාධක හමුදා කොංගෝවට පැමිනිණියහ. මේ අතර ලුනුම්බා අගමැතිවරයා සෝවියට් රුසියාවෙන්ද ආධාර ඉල්ලා සිටියේය. සෝවියට් රුසියාවෙන් ආධාර ඉල්ලීමට ගත් තීරණය අදිරාජ්‍යවාදී බලවතුන්ට එල්ලකළ අතුල් පහරකි.අදිරාජ්‍යවාදී බලවතුනුත් මුගුරකින් පහර කෑ නයකුමෙන් කුපිත වූහ. ඒ අනුව අත්අඩංගුවට පත්වූ ලුනුම්බා හමුදා කඳවුරක රැගෙන ගියේය. එහීදී ඔහුගෙන් ප්‍රශ්න කිරිමෙන් අනතුරුව වදබන්ධනවලට ලක් කලේය. ඔහු රදවා සිටි කඳවුර සතුරු දේශපාලකයන්ගේ ආරක්ෂාවට තර්ජනයක් යයි සිතු ඝාතකයෝ ( ඔහු රදවාසිටි හමුදා කඳවුරු ප්‍රදේශයේ ලුනුම්බාගේ ආධාරකරුවෝ වැඩියෙන් සිටි පලාතකි .) ගුවන් යානයකින් ලුනුම්බා වෙනත් ප්‍රදේශයට රැගෙන ගියේය . එහිදී ඔහුගේ සතුරු දේශපාලන නයකයෝ මුන ගස්වා ප්‍රශ්න කිරීමෙන් අනතුරුව ඝාතනය කලේය. ලුනුම්බාට වෙඩි තබා හමුදා වාහනය බැඳ ඇදගෙන ගිය බැව් වාර්තා වෙනවා. පසුව ඔහුගේ සිරුර කෑලිවලට කපා සල්පරික් ඇසිඩ් (Sulphuric Acid) වතුරේ ගිල්වා විනාශ කරන ලදි. කෙසේහෝ ඔහුගේ දත් දෙකක් සහ ඇගිල්ලක් ඇසිඩ් වතුරේ ගිල්වන්නට අමතක විය. මේකි ඇගිල්ල සහ දත්දෙක පසුකාලීනව පර්‍ර්ක්ෂණවලට මහත් රුකුලක් ගෙන දුන්නේය

මෙවැනි සිදුවීම්වලින් දේශපාලන ඉතිහාසය තිබීම අරුමයක් නොවේ. එසේම මේවා අහඹු සිදුවීම් ද නොවේ. සතුරා නිහඬව පරාජය ගනියයි සිතිය නොහැකිය. ඔහුගේ අවසන් හුස්ම දක්වා සටන් කරනු නොඅනුමානයි. විනාශයක් සිදුවූ පසුව, පසුවිපරම්වලටවඩා, යමක් සිදුවීමට පෙර එය වලක්වා ගැනීම බුද්ධිගෝචර නොවේද? (Proactive Measures ). විවේචකයන්ගේ උවමනාව රට අස්ථාවර වීමය. ඉන්පසුව අපි ඕක කලින් කීවා නේද යයි කියමින් පාරම්බෑමට පටන් ගැනිමය.

සුගත් සෙනෙවිරත්න
ලන්ඩනයේ සිට

Leave a Reply

Your email address will not be published. Required fields are marked *