එක රැයින් වැදුනු පෝස්ටරෙන් ආ ” ආරංචිය සුබද ?”
මෙතෙක් රෑ එළිවන විට දිවයිනේම පෝස්ටර් ඇළවීම ගැන කතාව තිබුනේ ජවිපෙ අතේය. දැන් ජවිපෙ වැඩේ දියාරු කරගෙන ඇත. සංවිධාන ශක්තිය පෙන්වන්න ජවිපෙ සාමාජිකයා පට්ට කට්ටක් කෑමේ ජීවන විලාසයේ තවත් එක් පැත්තක් ලෙස පෝස්ටර් ඇළවීම තබා තිබුනි. දැන් ජවිපෙ මාලිමාව වී ඇත. දැන් පෝස්ටර් වැඩේ දුවන්නේ දැවැන්ත ප්රචාරක ආයත හරහාය. ඒ් ආයතන වැඩේ හරියට කරන්නේ නැත. මේ මොක වුනත් අද මාතෘකාව බවට පත් වූයේ ආරංචිය සුබයි පෝස්ටරයය.
බොහෝ දෙනා සමාජ මාධ්‍ය ජාලා හරහා මේ ගැන දක්වා තිබූ අදහසට අනුව එය රනිල් වික්‍රමසිංහගේ වැඩක් බව තහවුරු විය. පෝස්ටරය තැන් තැන්වල අලවා තිබු ඡායාරූප දමා ඒ්වාට දැන් ලංකාව වී ඇති ණය ප්‍රමාණය සදහන් කොට තිබුනේය. තවත් තැනක 2023ගත් ණය ගිණුම් ගත් විදෙස් ණය ගිණුම් ගත කොට නොමැති බව දක්වා තිබුනි. තව තව කතා බොහෝ ප්‍රමාණයක් පෝස්ටරය අළලා දියත් කොට තිබුනේය. ආරංචිය සුබ වි ඇත්තේ කාටදැයි දැන් දැන් එළියට එමින් තිබේ. සාමාන්‍යයෙන් සමාජ මාධ්‍ය මෙතෙක් අල්ලාගෙන සිටියේ මාලිමාවේ කසකරුවන්ය. දැන් ඔවුන්ගේ පිරිස් ආරංචිය සුබයි පෝස්ටර් එක ගැන නන්දොඩවමින් කතා බස් කරති. පෝස්ටරය නොයෙක් ආයතනයන්හි ප්‍රධාන පුරුවේ අලවා ඇති ලෙස නිර්මාණය කොට සමාජ මාධ්‍ය යේ ප්‍රචාරය කළේය. ඔවුන් කියන ලෙසම දැන් ඉතිං මේ ගැන සතුටු විය යුත්තේ රනිල් වික්‍රමසිංහය. පෝස්ටරයක් මගින් පෝස්ටරයෙන් ඔබ්බට ගොස් කතා බහක් හදාගැනීමට රනිල් රෑඑළිවන විට ඇළ වූ පෝස්ටරයක් මගින් සනාථ කොට ඇත.
ආරංචිය සුබ වන්නේ කාටදැයි යන්න මේ පෝස්ටරය ගැන අම්බානට කතාන්ද ඇද බාන මහත්වරුන්ට කීමට අමතක වී ඇත. ඒ් වෙනුවට ණය වැඩිවීම ගැන ආරංචිය සුබ පෝසටර්යට යටින් අමුණා ඇත. ඒ් ඇමිණීමට ඔවුන්ට අමතක වූ ඇමිණීමක් තිබේ. එනම් මීට වසර දෙකකට පෙර තිබූ පෝලිම්ය. තෙල් නැව් ආ විට නැවත නැව හරවාගෙන ඒ් රටවලට ගියේ නැවට ගෙවීමට ලංකාව සතුව ඩොලර් නොතිබූ නිසාය. ගෑස් නැව්වලට වූයේ එයමය. තැන් තැන්වල පෝලිම් පිට පෝලිම් ගැසී මහ මග අපා දුක්විදීමට සිදු වූ කාලය අමතකව ගොස් ඇත. ඒ් කාලයේ හැමෝම කතා කළේ මේ අපා දුක ගොඩ දැමීමට ණයක් හෝ ගෙන කවුරුම හරි රට ගොඩ දානවා නම් කියාය. දැන් පොර ටෝක්ස් දෙන මහත්වරු හිටියේ එදා හිටියේ එතැනය.
වේදිකා දෙවනත් කරමින් කයිය ගහන සහෝදරවරුවරුන් ඒ් වැඩේ භාර නොගෙන කර අරිමින් පලා ගියේය. ඔවුන්ට ණයක් ගැනීමට තියා අර්බුදය වවනවා හැර වෙන දෙයක් කිරීමට සැලසුමක් තිබුනේ නැත. දැන් මේ පවසන ණය වැඩි වීමේ ඇත්ත කතාව නම් 2023 වසර අවසානයේ තිබූ රාජ්‍ය ණය ප්‍රමාණය ඩොලර් මිලියන 96170ක් වුනා. 2024 වසරේ පලමු කාර්තුව අවසන් වනවිට එය ඩොලර් මිලියන 100184 ක්
ඒ අනූව බිලියන 4ක් වැඩිවී ඇති බව පෙනේ . මෙය රුපියල් වලින් 2023 අවසන් වෙද්දි අපි රු බිලියන 31,151 කි. (ඒ් වන විට ඩොලරය 323) 2024 පලමු කාර්තුව අවසන් වෙද්දි රුපියල් බිලිය 30172ක් ණය වි ඇත. ඒසේ වූ විට ණය අඩුවීම රුපියල් බිලියන 979 කි. නමුත් මේ ඉලක්කම් දෙකම නිවැරදි නොවේ. ලංකාව විදේශීයව ඩොලර්වලින් ණය ගන්නා අතර දේශීයව රුපියල්වලින් ණය ගනී. දේශීය ණය අඩුවීම හෝ වැඩිවීම ගණනය කළ යුත්තේ රුපියල් වලින් වන අතර විදේශීය ණය අඩුවීම හෝ වැඩිවීම ගණනය කළ යුත්තේ ඩොලර් වලිනි. ඒසේ කළ විට රුපියල ශක්තිමත් වීමෙන් වූ වෙනස නිවැරදිව පෙනේ. ඒ අනූව අපේ රුපියල් ණය රු බිලියන 174කින් වැඩි වී ඇති අතර එය ඩොලර්වලින් මිලියන 446කි. නමුත් විදේශීය ණය ඩොලර් මිලියන 542කින් අඩු වී ඇති අතර ඒ් අනුව සමස්ත ණය ඩොලර් මිලියන 96 කින් අඩුවී ඇත. විදේශීය ණය ඩොලර් මිලියන 542ක් ගෙවන්න ඩොලර් ලෙස ලැබුන මුදල් වගේම වෙළද පොලෙන් ඩොලර් ගන්න රුපියල් වැය වී ඇත. ඒ් අනුව ණය අඩුවී ඇත. මෙය තේරුම් ගැනීමට තවත් ක්‍රමයක් නම් දළදේශීය නිශ්පාදනයට සාපේක්ෂව 114% ව තිබුන ණය ප්‍රතිශතය 103%කට අඩුව ඇත ,2027 ඉලක්කය මෙය 95%කට ගෙන ඒ්මයි. ඒ් අනුව මේ මහත්වරු ණය වැඩි වී ඇති බවට පවසන දෑ පට්ට පල් නොදන්නා කෙබර බව ඔප්පු වේ.
ඔව් ණයක් ගත්තා නම් ඒ් ණය ගෙවිය යුතුය. එය ගෙවීමට වැඩපිළිවෙලක් තිබිය යුතුය. ණය ගෙන කා බී ජොලි කොට විනාශ කර දැම්මා නම් ඉදිරි වැඩක් වැඩපිළිවෙලක් සංවර්ධනයක් නොමැති නම් ගත් ණයෙන් වැඩක් නැත. රනිල් ණය ගත්තේ නැවත imf එකෙන් ණය නොගන්න තැනට වැඩි හැදීමටය. ඒ් ගත් ණයෙන් සංවර්ධනය සදහා යොදවා රට සංවර්ධනය කරන ගමන් ණය ගෙවීමට සිදුකිරිමට සැලසුම්ද සකස් කරමිනි.
රට බංකොලොත් වූයේ කෙසේද යන්න අමතක වූ බොහෝ සමාජමාධ්‍ය ලියන්නන්ට එය මතක් කළ යුතුය. නැවත නැවත මතක් කළ යුතුය. 2022 අප්‍රේල් වන 12 වන විට රට බංකොලොත් බවට විවිධ කතා පැතිරී ගියේය. එසේ විමට හේතු වූයේ විදෙස් ණය ගෙවා ගැනිමට තරම් විදෙස් විනිමයක් අප සතුව නොතිබූ නිසාය. රාජ්‍ය සේවයින්ට පඩි ගෙවා ගැනීමට මහා භාණ්ඩාගාරයේ මුදල් නොමැතිව මුදල් අච්චු ගැසීමට රජයට සිදුවිය. අච්චු ගසන මුදල් තවත් වටයකින් රුපියල බාල්දු කිරීමට වන බව ඒදා සිටි පාලකයින්ට නොතේරුණා නොවේ. ජනතාවට තවත් ප්‍රශ්නයක් ඉතිරි කොට ජාම බේරා ගැනීමට ඔවුන් කටයුතු කළේය. මේ නිසා සිදු වූයේ භාණ්ඩගාරය නැත්තටම නැති වී හිදී යාමය. රටේ ඩොලර් නොමැතිව ආනයන භාණ්ඩ නොආවේය. මේ නිසා අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය පවා ඒ්ම වැලකුනි. රටේ වගා කළ ආහාරයක් නොතිබුනේ කෘෂි කර්මාන්තයට කරන්න පුළුවන් හොදම දේ කර තිබූ නිසාය. කාබනික මගඩියක් ගෙනැවිත් වගා කරමින් තිබූ වී ඇතුළු බෝගයන්ගේ අස්වැන්න නැත්තටම නැති කොට දැමිය. පොහොර නොමැතිව ගොවි උද්ඝෝෂණ රට පුරා ව්‍යාප්ත විය. මේ අයුරින් රට දුවා ගැනීමට නොහැකි තැන අරගල මතුවිය. අරගලවලින් තවත් රට ප්‍රපාතයට ඇද දැමීය. මේ රටට වූ වින්නැහියය.
දැන් ආරංචිය සුබ වී යැයි කියූ විට ගැරඩින්ට භූමි තෙල් ගැසූවා සේ නළියන්නේ එදා අරගල කළ අයටමය. ඔවුන්ට අරගලයක් නොමැතිව දුවාගන්නට බැරිය. රනිල් වික්‍රමසිංහ ඔවුන්ගේ තැන අහිමි කොට ඇත. වසර දෙකකින් රටක් ගොඩ දැමිය හැකි බව රනිල් වික්‍රමසිංහ කියා දී ඇත. ආඩාපාලි කොතෙකුත් කියූවද එය කළ හැකි සමතෙක් තවත් නොවීය. දැන් අපේ රට බංකොලොත් භාවයෙන් මිදී ඇත. වසර දෙකකට ආසන්න කාලයකදී එය කළ රටවල් ලෝකයේ ඇත්තේ නම් ඒ ඉතාම අල්පතරයකි. ලෝකයේ බොහෝ රාජ්‍යයන් බංකොලොත් වී නැවත ගොඩ ඒ්මට නොහැකිව දශක ගණන් දුක් විදිමින් සිටී. ඔවුන් රනිල් සොයා පැමිණෙන්නේ තමන්ගේ රට ගොඩ දාගන්නේ කෙසේද යන්න ගැන පාඩම් ඉගෙන ගැනීම සදහාය. ඉතිං අප ගොඩ ගොස් ඇත. රටක් ලෙස අප ගොඩ ගොස් ඇත. මේ ආරංචිය සුබ නොවන්නේ කාටද ? පොලිම්වල දුක් විදිමින් පෝලිම්වල වැටී මියැදුනු දුක් විදින ජනතාවට මේ ආරංචිය සුබය. මෙය අසුබ වන මිනිසුන් හොර රහසේ සතුටු වන බව දන්නේ ඔවුන් පෝලිම් පැන හොරෙන් තෙල් ගසා ගැනීම් කළ උන් නිසාය. හොරෙන් ගෑස් ගත් මිනිසුන් නිසාය. හොරෙන් බඩු මළු ගත් මිනිසුන් නිසාය. ඒසේ නොමැතිව දුක් විදිමින් පෝලිම්වලට වී දිවා රෑ නීදි මැරූ ජනතාවට මේ ආරංචිය සුබය.
බිම්සර කහටපිටිය