Economic

2023 සියලු ගේවීම් භාණ්ඩගාරයෙන් නිදහස් ‌කෙරේ

2023 වසරේ සියලු අනුමත ගෙවීම් සඳහා අවශ්‍ය අරමුදල් මහා භාණ්ඩාගාරය විසින් නිදහස් කෙරේ. පාර්ලිමේන්තුව විසින් අනුමත කරන ලද 2023 වසරේ අය-වැය ප්‍රතිපාදනවලට යටත්ව 2023 වසරේ දෙසැම්බර් 15 දක්වා සියලු රජයේ ආයතන විසින් සහතික කරන ලද සියලු ම බිල්පත් සඳහා අවශ්‍ය අරමුදල් මහා භාණ්ඩාගාරය මගින් මේ වන විට නිදහස් කිරීමට කටයුතු කර ඇති බව මුදල් අමාත්‍යංශය සඳහන් කරයි.

පසුගිය වසර 25ක කාලය තුළ වසරක් තුළදී එම වසරේ අනුමත සියලු ගෙවීම් පියවූ එක ම වසර බවට ඒ අනුව 2023 වසර පත්වේ.

තව ද 2022 වසරේ දෙසැම්බර් මස වන විට ඊට පෙර මාස 18කට අධික කාලයක් තුළ එකතු වී ගෙවිය යුතුව තිබූ හිඟ විශ්‍රාමික පාරිතෝෂිත ද ඇතුළුව 2023 වසරේ දෙසැම්බර් 19 දක්වා එදිනට විශ්‍රාම ගිය නිලධාරීන් සඳහා ද විශ්‍රාමික පාරිතෝෂිත දීමනා නිසි පරිදි ගෙවීමට අවශ්‍ය අරමුදල්ද මහා භාණ්ඩාගාරය විසින් නිදහස් කරනු ලැබ ඇතැයි මුදල් අමාත්‍යංශය තවදුරටත් සඳහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *