Local News

1961 පසුව නැවතත් ෂෙල් සමාගම ලංකාවට එයි

1961 වසරේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ රජය විසින් 1880 පමණ සිට ශ්‍රී ලංකාවේ කටයුතු කළ ෂෙල් ඉන්ධන සමාගම රජයට පවරා ගනු ලැබීය.

ඉන්පසු එම සමාගම ඔවුන්ගේ ආසියාවේ මෙහෙයුම් කටයුතු ලංකාවෙන් ඉවත් කොට සිංගප්පූරුවේ ආරම්භ කරන ලද අතර අද සිංගප්පූරුවේ දැවැන්ත සමාගමක් බවට එය පත් වී තිබේ.

බලශක්ති ක්ෂේත්‍රයේ බලවතෙකු බවට පත්වීමට සිංගප්පූරුවට එමගින් හැකිවිය.

කෙසේ වෙතත් වසර හැට තුනකට පසු ෂෙල් සමාගම නැවතත් ශ්‍රී ලංකාවේ බලශක්ති ක්ෂේත්‍රයට එකතු වේ.

එම සමාගමේ ප්‍රථම ඉන්ධන නැව මෙම මස 19 වැනිදා කොළඹ වරායට වසර 63 කට පසු ඇතුල්වීමට නියමිතය.

මෙම රජයේ බලශක්ති හා ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙල යටතේ ආනයනය කිරීමට ගබඩා කිරීමට සහ බෙදා හැරීමට අවසර ලබා දී තිබේ.

ඒ වෙනුවෙන් රජය ඉන්ධන පෙරහුම්හල් 150ක් වෙන්කොට ඇත.

නව පිරවුම් හල් ආරම්භ කිරීමට බලපත්‍ර පනහක් ද නිකුත් කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *