Local News

හමුදාවට පොදු සමා කාලයක්

නිවාඩු නොමැතිව සේවයට වාර්තා නොකර සිටින ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ට මෙම මස 20 වැනිදා සිට මැයි මස 20 වැනිදා දක්වා පොදු සමා කාලයක් ආරක්ෂක අමාත්‍යංශය විසින් ප්‍රකාශයට පත් කර ඇත.

ඒ අනුව එම පොදු සමා කාලය ඇතුළත නීත්‍යානුකූලව සේවයෙන් ඉවත්වීමට ද සේවය හැරගිය සාමාජිකයන්ට අවස්ථාව ලබා දී ඇත.

මෙම සමා කාලය අප්‍රේල් මස 02 වන දිනට පෙර නිවාඩු නොමැතිව නොපැමිණ සිටින අය සඳහා පමණක් අදාළ වන බව ආරක්ෂක අමාත්‍යංශය පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *