සුමාත්‍රාවට 6.6ක භූ කම්පනයක්
උතුරු සුමාත්‍රා මුහුදේ දෙසැ. 30 පෙරවරු 10:49ට ප්‍රබල භූ කම්පනයක් හටගනෙ ඇති මුත් එහි සුනාමි අවධානමක් නොමැති බව වාර්තාවේ.
ජාතික සුනාමි පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය සඳහන් කළේ, එය මැග්නිටියුඩ් 6.6ක් ලෙස සටහන් වී ඇති බව ය. මුල් අවස්ථාවේදී ඒ සම්බන්ධයෙන් විමසිලිමත්ව පසුවන ලෙස වෙරළබඩ ප්‍රදේශවල සහ ඒ ආසන්නව වෙසෙන ජනතාවට දැනුම් දුන්න ද පසුව ජාතික සුනාමි පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය නිවේදනය කළේ, ඉන් ශ්‍රී ලංකාවට සුනාමි අවදානමක් නොමැති බව ය.
එම නිවේදනය අදාළ ජාතික සහ අන්තර් ජාතික ආයතන සමග එකඟතාවයෙන් නිකුත් කරන ලද බව එහි වැඩිදුරටත් සඳහන් වේ.