සිරගතව සිටින ඉම්රාන් ඛාන්ට ලොකු ජයග්‍රහණයක්
සිරගත කර සිටින පකිස්ථාන හිටපු අගමැති ඉම්රාන් ඛාන්ගේ ආධාරකරුවන් පළමු ස්ථානය ලබා ගනිමින් ජයග්‍රහණය කළ මැතිවරණයෙන් පසු එරට දෙවන සහ තුන්වන දේශපාලන කණ්ඩායම් සහයෝගයෙන් කටයුතු කිරීමට එකඟ වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඒ අනුව, හිටපු අගමැති නවාස් ෂරීෆ්ගේ පීඑම්එල්එන් පක්ෂය (PMLN) සහ බිලාවල් භූතෝ සර්දාරිගේ පීපීපී පක්ෂය (PPP) නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ, දේශපාලන ස්ථාවරත්වය ගෙන ඒම සඳහා එක්ව වැඩ කිරීමට සැලසුම් කර ඇති බව ය.
මෙම පක්ෂ රජයක් පිහිටුවන්නේ නම්, මෙම පියවර ඛාන් මහතාගේ අනුගාමිකයන් කෝපයට පත් කිරීමට ඉඩ තිබෙන බව එම මාධ්‍ය පෙන්වා දෙයි.
පෙබරවාරි 8 වන දා පැවති පකිස්ථානයේ මහා මැතිවරණයෙන් එරට ජාතික සභාවේ සමස්ත ආසන 265න් 101ක් ම දිනා ගනිමින් ඉම්රාන් ඛාන්ගේ ආධාරකරුවන් ජයග්‍රහණය කළ අතර නවාස් ෂරීෆ්ගේ පීඑම්එල්එන් පක්ෂය ආසන 75ක් ද බිලාවල් භූතෝ සර්දාරිගේ පීපීපී පක්ෂය ආසන 54ක් ද දිනා ගැනීමට සමත් විය.
එසේ ම, ඉම්රාන් ඛාන්ගේ පීටීඅයි පක්ෂයට මැතිවරණයට සහභාගී වීම තහනම් වූ නිසා එහි අපේක්ෂකයින් වැඩි දෙනෙක් ස්වාධීන අපේක්ෂකයින් ලෙස ඉදිරිපත් විය.
2022 වසරේදී ඉම්රාන් ඛාන්ගේ බලයෙන් පහ කිරීම සඳහා මෙම පක්ෂ දෙක සන්ධානයක් පිහිටුවා ගත් අතර ඔවුන් පසුගිය අගෝස්තු මාසය දක්වා එරට පාලනය කළේ ය.
විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළේ, මැතිවරණ ප්‍රතිඵල මත කිසිදු දේශපාලන පක්ෂයකට ආණ්ඩුවක් පිහිටුවීමට අවශ්‍ය ආසන 169 දිනා ගැනීමට නොහැකි වූ බව ය.