Foreign

සකර්බර්කක් සමාව ඉල්ලයි

අමෙරිකා එක්සත් ජනපදයේ සෙනට් සභාව හමුවේ විභාග වූ නඩු කටයුත්තක් අතරතුර මෙටා ප්‍රධානි මාර්ක් සකර්බර්ග් සමාජ මාධ්‍ය මගින් තම දරුවන්ට හානි වූ බව පවසන පවුල්වලින් සමාව අයැද ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එම වාර්තා සඳහන් කළේ, නඩුව විභාග වූ අවස්ථාවේ මාර්ක් අදාළ පවුල් වෙත හැරී, “ඔවුන්ට සිදු වූ දේ වෙනත් කිසිවෙකුට සිදු නොවිය යුතු බව” පැවසූ බව ය.

මාර්ක් සකර්බර්ග්ට අමතරව ටික්ටොක්, ස්නැප්, X සහ ඩිස්කෝඩ් ආයතනවල ප්‍රධානීන් ද පැය 4කට ආසන්න කාලයක් සෙනට් සභාවේ ප්‍රශ්න කිරීම්වලට ලක් වූ බව එම වාර්තා සඳහන් කර ඇත.

නඩු විභාගය තුළ වැඩි වශයෙන් අවධානය යොමු වී ඇත්තේ, ඉන්ටර්නෙට් හරහා සිදුවන ලිංගික අපයෝජනයන්ගෙන් දරුවන් ආරක්ෂා කර ගන්නා ආකාරය පිළිබදව ය.

විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ, නව යොවුන් වියේ පසුවන දරුවන්ට සුරක්ෂිත ඔන්ලයින් පරිසයක් ගොඩනැගීම සඳහා තම සමාගම “මෙවලම් 30කට” අධික ගණනක් හඳුන්වා දී ඇති බව ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *