Local News

සංවර්ධන නිලධාරීන් ගේම ඉල්ලයි

ජනතාවගේ ඉඩම් ගැටළුවට විසදුමක් ලෙස රජය විසින් දියත් කර ඇති නිදහස් දීමනා බලපත්‍ර ලබාදීම හෙවත් සින්නක්කර ඔප්පු ප්‍රදානය කිරිම සදහා වන වැඩ සටහනෙහි කාර්යයන් සිදු කිරීම සදහා සංවර්ධන නිලධාරීන් යොමු කිරීමට පියවර ගෙන ඇත. කොළඹ දිස්ත්‍රික්කයට අයත් ප්‍රා දේශීය ලේකම් කාර්යාලවල සේවය කරන සංවර්ධන නිලධාරීන් මේ කාර්යය සදහා යොමු කිරීමට පියවර ගෙන ඇති නමුත් ඊට සංවර්ධන නිලධාරීන්ගේ සංගමය විසින් ඉල්ලීම් කිහිපයක් ඉදිරිපත් කොට ඇත.

අදාළ නිලධාරීන් ඉඩම් කොමසාරිස් ජනරාල් දෙපාර්තමේන්තුව වෙත අනුයුක්ත කොට මෙම වැඩපිළිවෙලට සම්බන්ධ කිරීම සිදුකිරීමට සැලසුම් කොට ඇති නමුත් ඊට අදාළ දිරි දීමනා හෝ ගමන් වියදම් අදාළ නිලධාරීන් වෙත සැපයීමට කටයුතු යොදා නොමැති බව මෙම සංගමය සදහන් කොට සිටී.

දිස්ත්‍රික් ලේකම් වරයා වෙත ලිපියක් යොමු කරමින් ඔවුන් සදහන් කොට සිටින්නේ අදාළ නිලධාරීන් සදහා වන පහසුකම් සැලසීමේ කාර්යය ඉටු කොට මෙම කාර්යය සදහා ඔවුන් යෙදවීමට කටයුතු යොදන ලෙසයි.

col do Urumaya

Leave a Reply

Your email address will not be published. Required fields are marked *