Local News

ෂැංග්‍රිලා සිසීටීවි දර්ශන යට ගැහුවේ මහින්ද නිසාද ?

විවාහ උත්සවයක සිදුවූ පහරදීමකට අදාළ සීසීටීවී නිකුත් කරන්නැයි කොළඹ තරු පන්තියේ හෝටලයක් වන ෂැන්ග්‍රිලා හෝටලයට උසාවියට නියෝග කරනු ලැබූ සිදුවීමක් වාර්තාවේ.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සහභාගීත්වයෙන් කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ පැවැති විවාහ උත්සවයකදී සිදු වූ බව කියන මෙම පහරදීම සම්බන්ධයෙන් සීසීටීවී දර්ශන හෝටලය ඉදිරිපත් කර තිබුනේ නැති අතර ඒවා අධිකරණයට ඉදි­රි­පත් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා පසුගිය 08 දා නියෝග කළේය.

පසුගිය වසරේ ජනවාරි මස 09 වනදා හිටපු ජනාධිපතිවරයා විවාහය වෙනුවෙන් අස්සන් කිරීමට කොළඹ ෂැංග්‍රිලා හෝටලය­කට එක් වූ අවස්ථාවේ ව්‍යාපාරිකයකු වන බ්‍රිතාන්‍ය ජාතික ජෙරම් වේල්ස් යන අයකුට වීදුරු බෝතලයකින් හිසට පහරදීමකට අදාළ සීසීටීවී දර්ශන එම හෝටලය ලබා නොදෙන්නේ නම් අධිකරණයෙන් නියෝගයක් අයැදින ලෙස මහේස්ත්‍රාත්වරයා කොටුව පොලීසියට නියෝග කළේය.

ඇප කොන්දේසි කඩ කරමින් අධිකරණය මගහැර සිටි හයවන සැකකරු ලෝචන ගිරිහාගම යන අය වෙනුවෙන් අධිකරණය නියම කර තිබූ රුපියල් ලක්ෂ පහක ඇපය රාජසන්තක කරන ලෙස නියෝග කළ මහේස්ත්‍රාත්වරයා එය නොගෙවන්නේ නම් මාස හයක බරපතළ වැඩ සහිත සිර දඬුවම් නියම කළ අතර, ඇප මුදල තැන්පත් කළ පසු ඇපකරු මුදාහරින ලෙස නියෝග කළේය.

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීමෙන් අනතුරුව ඇප මත මුදා හරින ලද සංචන ෂේක්, අවිෂ්ක ෂේක්, ආකේෂ් ඒකනායක සහ උමේෂ් සමරසිංහ යන අය අධිකරණයේ පෙනී සිටියහ.

පාස්කු දා ප්‍රහාරයක් පවා එල්ල වූ ෂැංග්‍රිලා හෝටලයේ සීසීටීවී දර්ශන ලබා නොදීම සම්බන්ධයෙන් පැමිණිල්ල වෙනුවෙන් කරණු දැක්වූ නීතිඥ අමල් රන්දෙණිය මහතා ඇතුළු නීතිඥ මඬුල්ල අධිකරණයෙන් සිදු කළ ඉල්ලීම සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය සිදු කළේය.

පැමිණිල්ල ඉදිරිපත් කළ රුවිනි වේල්ස් සහ පහරකෑමට ලක් වූ ජෙරම් වේල්ස් යන අය අධිකරණයේ පෙනී සිටි අතර, කොටුව පොලිසිය පැමිණිල්ල මෙහෙයවීය.

ගොසිප් ලංකා නිවුස්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *