රතු මුහුද රත් වෙයි
පසුගිය බදාදා පැවති රූපවාහිනී දේශනයකදී යේමනයේ හූති කැරලිකරුවන්ගේ නායක අබ්දෙල්-මලෙක් අල්-හූති, රතු මුහුදේ ගැටුම් තවදුරටත් උත්සන්න වුවහොත් ඇමරිකානු යුද නැව්වලට තම කණ්ඩායම ප්‍රතිප්‍රහාර එල්ල කරන බවට දැඩි අනතුරු ඇඟවීමක් කළේය.
මෙම තර්ජනය සඳහා පසුබිම වන්නේ රතු මුහුද හරහා වන ගෝලීය නාවික ගමනාගමනය සැලකිය යුතු ලෙස කඩාකප්පල් කර ඇති ඉරානයේ පිටුබලය ලබන හවුති කැරලිකරුවන්ගේ ප්‍රහාර වැලැක්වීම ඉලක්ක කරගත් ජාත්‍යන්තර සභාගයක් එක්සත් ජනපදය විසින් එළිදැක්වීමයි. මෙම බාධාව හේතුවෙන් සුපුරුදු මාර්ගය අත්හැර නැව් සමාගම් වලට අප්‍රිකාව වටා ඔවුන්ගේ යාත්‍රා නැවත හරවා යැවීමට සිදු වී ඇති අතර මේ සඳහා අවම වශයෙන් අතිරේක දින 10 ක් වත් ඔවුන්ට ප්‍රමාදයක් වෙනු ඇත.
හවුති කැරලිකරුවන්ට එරෙහිව හමුදා ක්‍රියාමාර්ගයක් ගැනීමට ජනාධිපති ජෝ බයිඩන් සලකා බලමින් සිටින බව වාර්තා වන අතර දැනට රතු මුහුදේ සමුද්‍ර ගමනාගමනය ආරක්ෂා කිරීම අරමුණු කරගත් සභාගයක් වන ධචැර්එසදබ ඡරදිචැරසඑහ ඨම්රාස්බ හි කොටසක් ලෙස ඇමරිකානු, බි්රතාන්ය සහ ප්‍රංශ යුද නැව් යේමනය අවට මුහුදේ ස්ථාන ගතව පවතී.
ගෝලීය මුහුදු වෙළඳාමේ සැලකිය යුතු කොටසක් එනම් දහයෙන් එකකට වඩා යාත්‍රා රතු මුහුද හරහා ගමන් කරයි. හවුති ප්‍රහාර හේතුවෙන් නොවැම්බර් මැද සිට අවම වශයෙන් වෙළඳ නැව් 15ක් ඉලක්ක වි ඇත. හවුති ප්‍රහාර වල අරමුණ ලෙස සඳහන් වුයේ රතු මුහුද හා සුවස් ඇල මාර්ගය ඔස්සේ ඊශ්‍රායලයට කෙරෙන සැපයුම් මාර්ග අවහිර කිරීමය.
රූපවාහිනී දේශනය අතරතුර අල්-හවුති ප්‍රකාශ කළේ එක්සත් ජනපදය තම රටට එරෙහිව ඉදිරි ක්‍රියාමාර්ග ගතහොත් ඔහුගේ සටන්කාමීන් එය නොතකා නොසිටින බවයි. මිසයිල, ඩ්‍රෝන සහ හමුදා මෙහෙයුම් හරහා නාවික කටයුතු ඉලක්ක කරගනිමින් ඕනෑම ඇමරිකානු ප්‍රහාරයකට ප්‍රබල ප්‍රතිචාරයක් ලැබෙනු ඇති බව ඔහු තරයේ කියා සිටියේය.
දැනට සලකා බලා නොමැති නමුත් යේමනය වෙත එක්සත් ජනපදය සොල්දාදුවන් යැවීමට කටයුතු කරන්නේ නම්, ඇෆ්ගනිස්ථානයේ හෝ වියට්නාමයේ අත්විඳින ලද ප්‍රතිවිපාකවලට වඩා දරුණු ප්‍රතිවිපාකවලට එක්සත් ජනපදයට මුහුණ දීමට සිදුවන බවට හවුති නායකයා වැඩි දුරටත් අනතුරු ඇඟවීය.
ඔපරේෂන් ප්‍රොස්පරිටි ගාඩියන් බොහෝ දුරට නේටෝ ජාතීන් සම්බන්ධ කරගනිමින් නැව් පරිවාර කිරීමට වඩා ප්‍රහාරවලට බාධා කිරීමෙන් රතු මුහුද හරහා ”ආරක්ෂිත කොරිඩෝවක්” පිහිටුවීම අරමුණු කරයි. කෙසේ වෙතත්, සැලැස්ම ක්‍රියාත්මක කිරීම සම්බන්ධ තොරතුර එනම් සම්බන්ධ වූ යුධ නැව් සංඛ්‍යාව සහ සම්බන්ධ වීමේ නීති තවමත් අපැහැදිලි ය.
සන්ධානයේ සැලසුම් පිළිබඳ වැඩිදුර තොරතුරු අවශ්‍ය බව අවධාරණය කරමින් නැව් සමාගම් තම යාත්‍රා ආරක්ෂා කරන්නේ කෙසේද යන්න පිළිබඳ අවිනිශ්චිතභාවය ප්‍රකාශ කළහ. විවේචකයින් සන්ධානයේ සඵලතාවය ගැන ප්‍රශ්න කළ අතර, එය මිසයිලවලට බාධා කිරීමට සහ නැව් සමාගම් සඳහා අවශ්‍ය සහතික සැපයීමට වඩා වැඩි යමක් කරයිදැයි ද කල්පනා කරයි.
උත්සන්න වන ආතතීන්ට ප්‍රතිචාර වශයෙන්, එක්සත් ජනපදය න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාත්මක වන ජෙරල්ඩ් ආර් ෆෝර්ඩ් ගුවන් යානා වාහක නෞකාව ඇතුළු යුද නැව් මධ්‍යධරණී මුහුදේ ද ඩ්වයිට් ඩී අයිසන්හවර් ගුවන් යානා ප්‍රවාහන නෞකාව ප්‍රහාර එල්ල වූ බබ් එල්-මැන්ඩෙබ් සමුද්‍ර සන්ධිය අසල ඒඩන් බොක්ක වෙත ස්ථානගත කර ඇත.
මෙම වර්ධනයන් මධ්‍යයේ, එක්සත් ජනපද ආරක්ෂක ලේකම් ලොයිඩ් ඔස්ටින්, පුලුල් කලාපීය ගැටුමක් වැලැක්වීම සඳහා, ඇමරිකානු මෙහෙයුමේ සංකේතයක් ලෙස ජෙරල්ඩ් ආර් ෆෝඩ් නාවික යාත්‍රාව ගැන වර්ණනා කලේය.
මේ වන විට රතු මුහුදේ තත්ත්වය වෙන කවදාටත් වඩා උත්සන්න වී ඇති අතර, ආතතීන් ඉහළ යන විට හවුති කැරලිකරුවන් එක්සත් ජනපද යුද නැව්වලට පහර දෙන බවට තර්ජනය කරයි. එක්සත් ජනපදය ප්රමුඛ ජාත්‍යන්තර ප්‍රජාව සමුද්‍ර ගමනාගමනය ආරක්ෂා කිරීමට සහ ගෝලීය නාවික ගමනාගමනයට තවදුරටත් බාධා ඇතිවීම වැළැක්වීම සඳහා සභාග ප්රයත්නයක් සමඟ ප්‍රතිචාර දක්වයි. කෙසේ වෙතත් මෙම ප්‍රයත්නවල සඵලතාවය සහ මිලිටරි ක්‍රියාවන්හි විභව ප්‍රතිවිපාක අවිනිශ්චිතව පවතී. එසේම මෙම මුහුදු මාර්ගය වැසීයාම නිසා වන සැපයුම් අවහිරයන් රටවල් ගනනාවකට ආර්ථිකමය බලපෑමක් එල්ල කිරීමද සිදුවෙමින් තිබේ.