රට ඩිජිටල් යුගයෙන් ඔබ්බට
යල් පැන ගිය ආර්ථික ක්‍රමවේදයන් මේ වන විට ලොව තුළින් ක්‍රමයෙන් ඈත් වෙමින් පවතී. ඩිජිටල් ආර්ථික උපනතීන් ලොව සෑම රටකම තම එදිනෙදා ජීවිත සදහා එක් කරගනිමින් ලොව වෙනස් වෙමින් පවතී. එය අත්පත් කර ගත නොහැකි රාජ්‍යයන් සංවර්ධන සිතියමෙන් ඈත් වීම සාමන්‍යයය. මේ නිසාම ලංකාවේ ආර්ථික දේහය ඩිජිටල් ආර්ථික ක්‍රමවේදයක් දක්වා ගෙනයාම වත්මන් රජයේ ආර්ථිකය නගා සිටුවීම සේම ප්‍රමුඛත්වයෙහිලා සලකනු ලැබූ කාර්යයකි. මේ සදහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් විවිධ ක්ෂේත්‍රයන් ඩිජිටල් ක්‍රියාවලියෙන් තම කාර්යයන් සිදු කිරීමට අවශ්‍ය පහසුකම් සලසා දීම සදහා උපදෙස් ලබා දී ඇත.
රටක ඩිජිටල් ක්‍රමවේදයක් වෙත යොමු කිරීම එතරම් පහසු කාර්යයක් නොවේ. ගතානුගතික ආසියාතික සංස්කෘතියක් මත පවතින මේ සමාජ රටාව එක හෙළාම කනපිට ගැසීම එතරම් ලෙහෙසි පහසු කාර්යයක් නොවේ. එහෙත් කොතැනින් හෝ මුල පිරීම කළ යුතුමය. සංවර්ධන කාර්යය සදහා ඩිජිටල් යෙදවුම් ක්‍රියාත්මක වීම මේ අනුව ක්‍රම තුනක් යටතේ මූලිකව සිදු කිරීමට නියමිතව ඇත. ඩිජිටල් ආර්ථිකය ( Digital Economy ) ඩිජිටල් රාජ්‍ය ( Digtal Goverment ) ඩිජිටල් සමාජය ( Digital Society ) මෙම මූලික ක්‍රම තුනයි. මේ අනුව ආර්ථිකය ඩිජිටල් කිරීම විවිධ ක්ෂේත්‍ර ඔස්සේ දිවෙන අතර කර්මාන්ත ශාලා සදහා සහ අලුත් නිර්මාණය වන කර්මාන්ත ශාලා ඩිජිටල් තාක්ෂණය හදුන්වා දීම මූලිකව සිදු කෙරේ. ඒ සදහා අවශ්‍ය පහසුකම් සැලසීම මේ වන විටත් සිදු කොට හමාරය. බොහෝ කර්මාන්ත ශාලා පවතින්නේ ඩිජිටල් දත්ත පද්ධතියක් මතය. ආර්ථිකයේ තවත් පැතිකඩක් ලෙස කෘෂිකර්මාන්තය සදහා ඩිජිටල් තාක්ෂණය යොදා ගැනීම පසුගිය කාලයේ දැඩි කතා බහට ලක් විය. මේ අනුව වගා කිරීම අස්වනු නෙලීම හා ඒවා වෙළද පොළ වෙත බෙදා හැරීම මෙන්ම අලෙවිය සම්බන්ධයෙන්ද ඩිජිටල් තාක්ෂණය උපයෝගී කොට ගැනීමට විවිධ මාදිලි හා තාක්ෂණ වේදයන් අත් හදා බලා අවසන්ය.
–
ඩිජිටල් තාක්ෂණය යොදා ගනිමින් ලංකාවේ කෘෂිකර්මය දියුණු කිරීම සඳහා රජය බිල් සහ මිලින්ඩා ගේට්ස් පදනම සමග ගිවිසුමකට එළඹියේ පසුගිය වසරේ ඔක්තෝරබර් මාසයේය. ඒ අනුව කෘෂි ක්ෂේත්‍රයේ ඵලදාව වැඩි කිරීම හා පෝෂණය වැඩි කිරීමේ කටයුතු වෙනුවෙන් ඩිජිටල් තාක්ෂණය යොදා ගැනීමේ මෘදුකාංගයක් හඳුන්වා දීම මෙම ගිවිසුමට අනුව සිදු කේරේ. තවද කෘෂිකර්මාන්තය දියුණු කිරීම සඳහා අදාළ දත්ත අමාත්‍යාංශය හතකින් ලබා ගෙන මෙම වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යන අතර නව මෘදුකාංගයෙන් සෘජුවම පොහොර භාවිතයේ සිට ඵලදාව ලබා ගැනීම දක්වාත්, ලබා ගන්නා ඵලදාව සංරක්ෂණය කිරීම උදෙසාත් ගොවීන්ට අවශ්‍ය මඟ පෙන්වනු ලබයි. මෙරට කෘෂිකර්මාන්තය දියුණු කිරීම සඳහා ඩොලර් මිලියන 250 ක් යොදවා ඇත. කෘෂි ක්ෂේත්‍රයේ දත්ත එකතු කිරීම සහල් සහ අනෙකුත් භෝග වගාවන්ගේ පෝෂණය වැඩි කිරීම මේ ව්‍යාපෘතියේ අරමුණ වී ඇත.
මේ අතර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් ඩිජිටල් කරණයට ලක් කිරීමේ වැඩ පිළිවෙල වසර 2030 වන විට සාර්ථකත්වයක් වෙත පියරව ගැනීමේ ඉලක්කයක් යොදවා ඇති අතර ඒ අනුව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් මිලියනයකට වැඩි සංඛ්‍යාවක් ඩිජිටල්කරණයට යොමු කරමින් මෙරට දළ දේශීය නිෂ්පාදිතයට ඇමරිකානු ඩොලර් බිලියන 15ක් උපයාදීම අරමුණු කර ගනිමින් ඉදිරිපත් කර ඇති “ඩිජිටල් ශ්‍රී ලංකාවක් සඳහා වූ 2030 උපාය මාර්ගික ක්‍රියාවලිය” වෙනුවෙන් ලෝක බැංකුවේ අඛණ්ඩ තාක්ෂණික සහාය හිමි වී තිබේ.
මෙරට කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායක අංශය සවිබල ගැන්වීමේ මුලපිරීමක් ලෙස ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ කර්මාන්තයේ ප්‍රමුඛතම ආයතනය වන ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ කර්මාන්ත සම්මේලනය DigiGo සන්නාමය යටතේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සඳහා ඩිජිටල් ප්ලේබුක් (Digital Playbook) එළිදැක්වීම පසුගියදා සිදු කරනු ලැබීය.
කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සඳහා ලබා ගත හැකි සහ දැරිය හැකි දේශීය ඩිජිටල් සේවාවන් සඳහා යොමු කිරීම අරමුණු කර ගනිමින් කර්මාන්ත සහ වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ සහ තාක්‍ෂණ අමාත්‍යාංශයේ අනුග්‍රහය යටතේ LK Domain Registry ආයතනය සමඟ එක්ව ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ කර්මාන්ත සම්මේලනයේ ඩිජිටල් සේවා අංශය මගින් මෙම වැඩසටහන සංවිධානය කරනු ලබයි.
කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසායන් (SMEs) ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ ප්‍රමුඛ සාධකයක් වන අතර මෙරට ආර්ථිකයට 52% ක් පමණ දායකත්වයක් සපයනු ලබයි. මෙරට ව්‍යාපාරික අංශයේ 75% කට වඩා වැඩි ප්‍රමාණයක් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර වන අතර ඉන් අපනයන ක්ෂේත්‍රයේ 20%ක දායකත්වයක් ලබා දෙනු ලැබේ. නවින තාක්ෂණය සහ ව්‍යාපාර සම්බන්ධ කරමින් ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථිකය නංවාලීමට DigiGo වැඩසටහන මගින් අපේක්ෂා කරනු ලබන බව වැවිලි අමාත්‍යංශය පසුගියදා ප්‍රකාශ කළේය.
මේ අතර රාජ්‍ය අංශය ඩිජිටල් කරණය කිරීම සදහා දැවැන්ත ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් ක්‍රියාත්මකව පවතින අතර 2030 වන විට එම කාර්යය සාර්ථක කර ගැනීම සදහා පසුගිය අය වැයෙන් බිලියන තුනක මුදලක් වෙන් කිරීමට පියවර ගත්තේය. එයින් නොනැනවති 2024 දී මෙම ව්‍යාපෘතීන් ක්‍රියාත්මක කර අවසන් කිරීම සදහා රාජ්‍ය අංශය ඩිජිටල්කරණය කිරීම සඳහා අවශ්‍ය නායකත්වය හා මගපෙන්වීම සැපයීමට පූර්ණ බලතල සහිත ඩිජිටල් අධිකාරියක් පිහිටුවීමට පියවර ගත්තේය. මීට අමතරව තාක්ෂණික නවෝත්පාදක සභාවක් පිහිටුවීමට ද යෝජනා කර ඇත. එයට අනුබද්ධිතව කෘතිම බුද්ධිය පිළිබඳ ජාතික මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමට ද කටයුතු යොදා ඇති බව අය වැය වාර්තාවේ සදහන් වේ.
මේ අනුව සමස්ත රාජ්‍ය අංශයම ඒකාබද්ධ ඩිජිටල් පද්ධතියක් මගින් ක්‍රියාත්මක කිරීම සදහා වන වැඩ පිළිවෙල මේ වන විටත් ක්‍රියාවට නංවා අවසන්ය.
නන්විද ඩිජිටල් ක්‍රියාන්විතය හුදෙකලා පරිශ්‍රමයක් නොවන්නේ තාක්ෂණික දියුණුව අත්පත් කරගත් දියුණු රාජ්‍යයන්ගේ සහයෝගය සහිතව ලංකාවේ මෙය ක්‍රියාත්මක කිරීම හේතුවෙනි. ඒ අනුව තාක්ෂණික ඩිජිටල් කරණය සෑම ක්ෂේත්‍රයක්ම අදාළ කොට ගෙන ගොඩ නැගුණු ජපානය වැනි රාජ්‍යන්ද, දියුණු ඇමරිකානු හා යුරෝපානු රාජ්‍යන් මෙන්ම අසල්වැසි ඉන්දියාවේද අනුග්‍රහය මේ සදහා ලබා ගැනීම හේතුවෙනි.
සංචාරකයන් සදහා ඒ ඒ රාජ්‍යන්හි පවතින මුදල් හුවමාරු හෝ එම රාජ්‍යන්හි මුල්‍ය ගණු දෙනු ලංකාවේ සිට සිදු කිරීමේ ක්‍රියාවලිය මේ වන විට අරඹා ඇත. ඒ අනුව පසුගියදා ඉන්දියානු සංචාරයන් සදහා එම රටේ මුදල් උපයෝගී කරගෙන මෙරට ගේවීම් සිදු කළ හැකි අයුරින් ඒකාබද්ධ ගෙවුම් අතුරු මුහුණත හදුන්වා දෙනු ලැබීය. ශ්‍රී ලංකාවට පැමිණෙන ඉන්දීය සංචාරකයන්ට සිය ගනුදෙනු වලදී QR කේතය මඟින් ඩිජිටල් ක්‍රමවේදය ඔස්සේ ගෙවීම් කිරීමට මෙමගින් පහසුකම් සලසා ඇත. මෙම නව ගෙවීම් පද්ධතිය හඳුන්වනු ලබන්නේ UPI හෙවත් ඒකාබද්ධ ගෙවුම් අතුරු මුහුණත ක්‍රමවේදය ලෙස හැදින්වේ. NPCI International Payments Limited සහ ශ්‍රී ලංකාවේ LankaPay පුද්ගලික සමාගම ඒකාබද්ධව මෙම ගෙවීම් ක්‍රමවේදය හඳුන්වා දීම සිදු කොට ඇත.
දෙරටේ පුද්ගලික සමාගම ඒකාබද්ධව ක්‍රියාත්මක කරනු ලබන මෙම වැඩසටහන වේගයෙන් ව්‍යාප්ත කිරීම ඉලක්ක කර ගනිමින් වෙළෙඳසැල් 10,000ක මෙම ගෙවීම් ක්‍රමය ක්‍රියාවට නැංවීම මේ හා සමගාමීව සිදු කෙරෙන අතර මෙම පහසුකම තවදුරටත් පුළුල් කරමින්, 2024 මාර්තු මාසය වන විට මෙම වෙළෙඳසැල් සංඛ්‍යාව 65,000ක් දක්වා ඉහළ නැංවීමට නියමිතවේ. තම ගිණුම අයත් මූල්‍ය ආයතනය හා සම්බන්ධ වී වෙළෙඳ එකඟතාවකට පැමිණීමෙන් ව්‍යාපාරයට අදාළ QR කේතය පහසුවෙන් ලබාගැනීමට හැකියි. ශ්‍රී ලංකා මහ බැංකුවේ ලියාපදිංචි සියලුම බැංකු හා මූල්‍ය ආයතන එම කේතය නිකුත් කිරීමට බැඳී සිටින අතර බොහෝ ඉන්දියානුවන් QR කේත ගෙවීම්වලට පුරුදු වී සිටීම හේතුවෙන් ශ්‍රී ලංකාව පුරා සිටින අතර ඔවුන්ට මෙරටදී වෙළෙඳ ප්‍රජාවට ගෙවීම් කටයුතු සිදු කිරීම සඳහා UPI-සක්‍රිය ජංගම යෙදුම් බාධාවකින් තොරව භාවිතා කළ හැකියි.
දැනටමත් දේශීය ගනුදෙනු සඳහා වඩාත් සුදුසු ක්‍රමවේදයක් වන LankaQR මඟින් QR කේතයක ස්කෑන් කිරීමකින් සරලව ගෙවීම් සිදු කිරීම සඳහා අවස්ථාව සැලසේ. නව ගෙවීම් ක්‍රමවේදය හරහා රටට විදේශ විනිමය ලැබීම හා ඒ හා සමානව සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට බැංකු හරහා ගනුදෙනු කිරිම මගින් වාසි සැලසේ. තව පැත්තකින් මිලියන 05ක් වන සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට මේ හරහා බැංකු පද්ධතිය සමග ගණු දෙනු කිරීමේ හැකියාව මෙය ඩිජිටල් කරණයේ අලුත් මාදිලියය. මේ ලොව සමග යාමේ ගමනය. ඒ සදහා වූ පියවරයන් දැන් එකින් එක ක්‍රියාත්මක වෙමින් පවතී.
පසුගාමීත්වයන් කොතරම් කයිකතාන්දර මාර්ගයෙන් රැළි මැවූවද ලංකාව සංවර්ධනය සදහා වූ පියවරයන් රනිල් වික්‍රමසිංහ කාලයක් තිස්සේ සැලසුම් කළ පරිදි සිදුවෙමින් පවතී. එය තාක්ෂණය හා නව ලෝකය සමග වීම පුදුමයට කරුණය. මන්දයත් කිසිදු වැඩ පිළිවෙලක පැරණි බවත් නොතිබීමය.
කේ.පී.අයි. ප්‍රියංගනී