Art

” මේ අහපං ළමයෝ ..!” ( 2කොටස ) – නදීරා මනම්පේරි

මේ ඔයාලට මතකයිනෙ අපි බඩ ගෙඩිය ලගට එනකම් කතා කලා මෙන්ටේන් වෙන්නෙ කොහොමද කියලා. අද අපි පටන් ගමු ඉනෙන්.
චූටි පොඩි ඉනක් තියෙන කෙල්ලො ඉන්නවා නේද අම්මෝහ් මතක් කරනකොටත් පිස්සු හැදෙනවා නේද අපේ පොඩි කොල්ලන්ට . කොල්ලන්ට විතරක් නෙමෙයි විසේකාර පිරිමි ඔක්කොටම.

ඉනේ වටප්‍රමානය පපුවෙ වටප්‍රමානයට වඩා අඩු වෙන්න ඕනා.එතකොට තමයි ලස්සන.ඒත් ඉතිං ඔය සමහරු ඉන්නවා දෙකම එක size එකට නඩත්තු කරන අය. මෙලෝ සම්මෙට කඩේ තියෙන ඇදුමක් නම් අදින්න වෙන්නෙ නෑ.බඩේ ප්‍රමානය අඩු වෙනවා නම් ඉනේ ප්‍රමානෙත් අඩු වෙනවා. සතියෙ දවස් 7න් 3ක් වත් පොඩි ව්‍යායාම පාරක් දානවා නම් ගොඩ.

අපෝ ඒකට පිරිමි පාර්ශවේ .උන්ට ඉනක් ඇත්තෙම නෑ. බඩ තඩියොනෙ වැඩියෙන් ඉන්නේ. ඒ උනාට ජිම් යන කොල්ලො සෙට් එක නම් V ශේප් එකට ඉන්නවා හරියට අපේ රන්ජා අයියා වගේ . බලන්නකො පොර පට්ට නාකි උනාට 18 කෙල්ලොනෙ වැටෙන්නෙ. මම ඕක කිව්වා කියලා මේක කියවන ඉනක් බඩක් නැති පිරිමි මලහෝන්තු ටික මගෙ අම්මටයි අප්පටයි අමතනවා නොවෙයි හොදේ. මම සැරයි බේරෙනවා බොරු හරී

ගෑහැනු පිරිමි දෙගොල්ලොටම කියන්නේ ඔය නිකන් ඉන්න වෙලාවට පොඩි සංගීත රිද්මෙකට ඉන ටිකක් කරකවන්න ඉදිආප්ප වංගෙඩිය කරකවනවා වගේ.වෙන වැඩක් කරන වෙලාවට උනත් ඕක ටිකක් කරකවන්න පුලුවන්නේ.අහල පහල පිරිමි ලමෝ නැති වෙලාවට ගැනූ ලමෝ කැරකැව්වොත් වඩා හොදයි.මොකද ගෑනු ලමෝ ඉන කරකවනවා දැක්කම පිරිමි ලමෝලට නගින්න පුලුවන් පව්නෙ ඉතිං.

හරි ඊලගට උකුල සහ පස්ස සමහරු දන්නේ පු# කිව්වම්නේ . කැමති විදියට කියන්නකො. කාන්තාවන්ගෙ උකුල හැඩ උනාම පස්ස ටිකක් ලොකු වෙනවා වට්ටක්කා ගෙඩිය වගේ . කලෙත් අරන් ලිදට වතුර ගේන්න යන ටිකිරිලියාලගේ හැඩ කොහොමද. ඔය ලිඳ ලඟ ලඳු කැලෑ වල පිරිමි නිතරම හැංගිලා ස්වයං සැප හොයන්නේ ඒකනේ. ලැජ්ජා වෙන්න දෙයක් නෑ ඔයාලගෙ අල්ලෙ රේඛා මැකිලා තියෙන්නෙ ඒ හින්දා කියලා දන්නෝ දනිති හොදේ .
උඩරට , පහතරට , බැලේ , කථකලි , බංගලි …… ඔය එකී නෙකී කොයි නැටුම නැටුවත් උකුල නම් ලස්සන වෙනෝ සත්තයි ඒක නම් අත්දුටුවයි ප්‍රත්ත්‍යක්ශයි.

දැන් අපි කලවා ප්‍රදේශය ගැන බලමුද.කොල්ලො ඕකට කියන්නෙ ගල කියලා . දන්නවද ඒක මැණිකක් වගේ වටින නිසාලු එහෙම කියන්නේ. උන් ඕක පොලිෂ් කරන්න විතරක් නෙමෙයි කට් කරන්නත් ආසයිලු . අම්මෝ කොච්චර දේවල් නම් කරනවද ඕකට නේහ්. ඇගේ මයිල් කෙලින් වෙන සීන් තමයි.
වරදක් කලත් සිතකින් නොවේ කියලා අවස්ථාව ලැබුන ගමන් කොල්ලො කරන්නේ ඕවා තමයි. කලවා දෙකත් හොදට ශක්තිමත්ව තියෙන්න ඕනා. මස් ටික කඩා වැටිලා එල්ලි එල්ලී තිබ්බම හරි කැතයි.එහෙම කැතට අජූවට තියෙන කොට ඉතිං කාටඋනත් කලකිරෙනවා ඕක ඉතිං ධර්මෙන්ම කියන්න ඕනා නෑනේ .ඇසට ප්‍රිය තැන ඇස නවතිනවා.එතකොට හිත නොදැනීම බ්‍රේක් ගහනවා.
කලවා දෙක ශක්තිමත් කරන්න පහසුවෙන්ම කරන්න පුලුවන් දෙයක් තමයි බයිසිකල් පදින එක.මොකෝ ප්‍රෙට්ට්‍රල් ගහන්න කියලයෑ.පර්ස් එකට රිදෙන්නෙත් නෑ .ඔය බයිසිකල් කට්ටක් හොයා ගත්තානම් වැඩේ ගොඩ කලවා කෑලි දෙකත් දිලිසි දිලිසී තියේවි

දැන් අපිට කෙලින් හිටගෙන ඉන්න ගැම්මක් දෙන කකුල් දෙක ගැන බලමු. සමහර කකුල් ගැන කියන්නත් බෑ ඔක්කාරට එනවා.එච්චරට ලස්සනයි. ගෑනු පිරිමි හැමෝටම මේ කියන්නේ අනේ දෙයියනේ නියපොතු ටික සතියකට පාරක් වත් මන්න පිහියකින් හරි කපලා සබන් ටිකක් ගාලා හොදට හෝදන්න.උණුවතුර ටිකක් බේසමකට දාලා කකුල් දෙක පැය 1/2 වගේ ඔබාගෙන ඉන්න.ඊට පස්සේ කෝපි කුඩු වලට සීනි ටිකක් දාලා හොදට කකුල් දෙකේ අතුල්ලලා සෝදලා දාන්න.ලොකු වියදමක් යන්නෙ නෑනේ.

අපේ කට්ටිය පාරේ බැහැලා යනකොට මූනටනම් කරන්න ඕනා ඔක්කොම කොරලා යන්නේ ඒත් කකුල් දෙක දැක්කහම බල්ලො බත් කන්නෙත් නෑ. ළමයෝ….. ඔව් , ඔව් ඔයාට තමයි මේක නම් මම කියන්නේ .ඔයාගේ ඔයා කකුල් පැලිලා නේද .බලන්නකෝ ඒවයේ කුනු පිරිලා කැතේ බෑනේ.මම කියන්නම් කරන්න වැඩක් ඔය පරන බුරුසුවක් (දත් මැදලා ඉවත් කරන එකක්) අරගෙන සබන් ටිකක් ගාලා කකුල් දෙක හොදට මදින්න. දවස ගානෙම කරනවානම් හොදයි. ඔලිව් තෙල් හරි තලතෙල් එහෙම නැත්නම් පොල්තෙල් ටිකක් අරන් රෑ නිදාගන්න කලින් කකුලෙ පැලිච්ච තැන්වල හොදින් ගාලා ටිකක් මසාජ් කරන්න.

මතක ඇතිව නිදාගන්න කලින් හොදට හෝදන්න මොකද ඉතිං රෑට අනුරාගී වෙලා ඩිස්ටි ඩිගිං කරන කොට සමහරු කකුලෙ ඇගිල්ලෙ ඉදන්නම හාදු දෙනවනේ.පවුනෙ ඉතිං මූනත් තහඩුව තෙල් ගෑවුනාම අනුරාගය පැනලා දුවයි කියන්නෙම නැතිව . ඌරන්ට මොන සෞඛ්‍යද කියලා ඉන්නෙ නැතුව අපි ටික ටික වෙනස් වෙන්න බලමු.
ගැහැනු පිරිමි කියලා වෙන් කොරන්නෙ නැතුව ලස්සනට හැඩට ඉමු හැමෝම.

ඊලග දවසේ තව ටිකක් කතා කරමු මේ ශරීර නඩත්තුව ගැන.
එහෙනම් හැමෝම සතුටින් හිනාවෙලා ඉන්න.

✍️ නදීරා මනම්පේරි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *