Art

” මේ අහපං ලමයෝ ……!! ” – සොෆීගේ අඩවිය 01 – නදීරා මනම්පේරි ලියයි

මම මේ කියන්නෙ …….. වාහන ගෙවල් ,වතුපිටි, ලමයි , පවුල් පන්සල් නඩත්තු කිරිම ගැන නම් නෙමෙයි.දැන් ඇස් කටේ දාන් කල්පනා කරන්න දෙයක් නෙමෙයි ලමයෝ කිව්වේ.
සිරුර, ඇග , සමහරු කියන්නෙ බොඩිය ( කාන්තා පලදනාව නෙමෙයි) ඔන්න ඕක maintain කරන එක ගැන තමයි පොඩ්ඩක් විතර කියන්න හැදුවේ. සැප පහසු විදියට වාඩි වෙලා හුස්මක් එහෙම අරගෙන කියවන්න .

මුලින්ම අපි මුහුනෙන් පටන් ගමු. හිනාව කියන්නේ මුහුනට හොද ව්‍යායාමයක් , මාංශ පේශි හොදට හයියට එකතු වෙනවා ඉතිං එතකොට මුහුන එල්ලා වැටෙන ගතිය අඩු වෙනවා.ඉතිං හැම වෙලේම හිනා වෙලා ඉන්න බලන්න ලමයෝ මොකෝ වියදමක් යනවා කියලද …නෑනෙ ලේසියෙන්ම කරන්න පුලුවන් තව පොඩි දෙයක් කියන්නම්……. උම්මා දීම…!! ඔව් හොදට කම්බුල් තදවෙන්න ඔය වැඩෙත් ලේසියෙන්ම කරන්න පුලුවන්.

ඊලගට බෙල්ල … ඔය පාරේ මගතොටේ යනකොට ලස්සන කෙල්ලො දකිනවා නේද .මම මේ කොල්ලන්ට කියන්නේ.හොදට බෙල්ල හරවලා බලන්න එහෙට මෙහෙට කරකවලා .බෙල්ලට හොද exercise එකක්. මහ බඹත් අපේ බොසා වගේ මහ ඉරිසියා කාර පොරක් , අඩුගානේ කොල්ලන්ටවත් බෙල්ල රවුමටම කරකවන්න පුලුවන් විදියට මවන්න තිබුනානේ , බොරුද මං කියන්නේ නෑනේ නේද ?? ගෑනු ලමයිටත් පුලුවන් ඉතිං කොල්ලො දිහා කැරකිලා බලන්න කොල්ලන්ව කරකවලා යන්න. කවුරුහරි මොනා හරි කඩප්පුලි කතාවක් කිව්වොත් කියන්න පුලුවන්නේ අපි මේ බෙල්ලට ව්‍යායාම කරනවා කියලා.

ඊලගට අපි පපුවෙ නවතිමු නේ .අම්මෝ නාකි කොල්ලන්ට ගිය හිනාව .ගෑනු ලමෝලට මේ කියන්නේ. නිතරම යට පලදනාව ඒ කියන්නෙ බ්‍රා එක ඇදගෙන ඉන්න බලන්න සොලෝ සොලෝ නම් ඉන්න එපා .ටිකක් තදට අදිනවානම් වැඩිය හොදයි . ඔය මගුල (කුක්කු කප් එක ) අදිනකොට අම්මගෙ එක නැතිව නංගිගෙ එක අදින්න බලපියව් .වයසට ගියත් ඔය දෙක එල්ලා වැටෙන එක අඩු කොරගන්න පුලුවන් එතකොට .දන්නවද දවස ගානෙම ටිකක් මසාජ් කරනවා නම් තවත් හොදයි.සල්ලි වියදම් වෙන වැඩ නෙමෙයිනේ මහත්තයා හරි , boyfriend හරි , එහා ගෙදර අන්කල් , එහෙම නැත්නම් ඔය කවුරු හරි ඒක නම් පැනලා කැමැත්තෙන්ම කරලා දෙයි.අපේ රටේ පොදු ප්‍රවාහන සේවයේ ගමන් බිමන් යනවානම් ටිකට් එකේ ගාන විතරයි යන්නේ. අපි හැම වෙලේම වියදම් අඩුවෙන්ම ඒ කියන්නේ පර්ස් එකට පහසුවෙන් ඉහල නඩත්තුවක් ලබා ගන්නෙ කොහොමද කියලා බලන්න ඕනා.

දැන් බඩ ගැන බලමු නේද.අම්මෝ සමහරුන්ට නම් රා කලගෙඩි වගේ ඒත් තව සමහරුන්ගේ බඩ පිටේ ඇලිලා හත් අවුරුද්දකින් කාලා නෑ වගේ.
වැඩිපුර කෑම කන්න එපා. විශේෂයෙන්ම කාබෝ වැඩි කෑම ( බත් , අල වර්ග)කෑම පිගානට ප්‍රෝටීන් වැඩි පුර තියෙන කෑම දාගන්න.මස් , බිත්තර,මාළු, මී කිරි,පොල් සම්බල් , කොල වර්ග .ඔය වගේ ඒවා වැඩිපුර කෑවට අවුලක් නෑ.( පර්ස් එකට අවුලක් වෙයි)බඩ ටිකක් ලොකු වැඩියි නම් පොඩි ව්‍යායාම පාරක් දාන්න.නිතරම බිමට නැමෙන්න බලන්න.වැඩිපුර ගමන් බිමන් කකුල් දෙකෙන් ඇවිදගෙන යන්න.පර්ස් එකටත් වාසියි බඩ ගෙඩියටත් හොදයි.
මේක නම් කියන්නේ ඔය ගෑනු ලමයට තමයි….. බඩ ඉස්සරහට එන එක නවත්තගෙන පස්ස පැත්ත ඒ විදියට හොදට වඩවා ගත්තොත් කල්ලමරේ ගැනු ලමයෝ…..!! හිතලා බලන්නකෝ හොදේ…

ලමයි ඉනෙන් පල්ලෙහා කොටස් ගැන ඊලග දවසෙ බලමු.ඇස් , කන් , නහය , දිව , තොල් , ඔය හැම එකටම හොද නඩත්තුවක් ඕනි. ඒවා ගැන මම අන්තිමට කතා කරන්නම්.
එහෙනම් හැමෝම සතුටින් හිනාවෙලා ඉන්න.

✍️ නදීරා මනම්පේරි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *