මහා ගං වතුර තත්වයක් නිවේදනය කෙරේ.. !
මෙතැන් සිට පැය 48ක් දක්වා වූ කාලය තුළ බුලත්සිංහල, මදුරාවල හා පාලින්ද නුවර යන ප්‍රාදේශීය ලේකම් කොට්ටාශවල මහා ගං වතුර තත්ත්වයක් ඇතිවිය හැකි බවට වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.
නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, අද උදෑසන 10:30 වන විට කළු ගඟෙහි කුඩා ගඟ උප ද්‍රෝණියේ ධාරා ප්‍රදේශවලට අධික වර්ෂාපතනයක් ලැබී ඇති බව ත් තව දුරටත් වර්ෂාව ලැබෙමින් පවතින බව ත් ය.
ඊට අමතරව කුකුළේ ගඟ ජල විදුලි බලාගාර ජලාශයේ පිටවාන් දොරටු විවෘත කර තත්පරයට ඝන මීටර් 400ක් තරම් අධික ශීඝ්‍රතාවකින් කුඩා ගඟට ජලය පිටවාන් දමන බව ද එහි සඳහන් කර ඇත.
එම තත්ත්වය සහ වාරිමාර්ග දෙපාර්තමේන්තුව මගින් කළු ගඟ ද්‍රෝණිය තුළ නඩත්තු කරනු ලබන ජල මාපකවල ජල මට්ටම විශ්ලේෂණයට අනුව, මෙතැන් සිට පැය 48ක් දක්වා වූ කාලය තුළ බුලත්සිංහල, මදුරාවල හා පාලින්ද නුවර යන ප්‍රාදේශීය ලේකම් කොට්ටාශවල මහා ගං වතුර තත්ත්වයක් ඇතිවිය හැකි බවට වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අඟවා ඇත.
මේ හේතුවෙන්, කුඩා ගඟ සහ මගුර ගඟ අවට පහත් බිම් හරහා වැටී ඇති දැනට යටවී පවතින මාර්ග දැඩි අවදානම්කාරී වනු ඇති බව ද එම දෙපාතර්තමේන්තුව පවසයි.
වාරිමාර්ග දෙපාර්තමේන්තුව අවධාරණය කරන්නේ, මේ තත්ත්වය සම්බන්ධයෙන් දැඩි සැලකිල්ලකින් යුතුව කටයුතු කරන ලෙස ය.