බොර දියේ ළූණු බෑමේ මාෆියාව
ලංකාවේ පරිභෝජනය සදහා වූ ආහාර ද්‍රව්‍යයන් සම්බන්ධයෙන් විටින් විට අර්බුදයන් මතු වීම සාමාන්‍යයක් වී තිබේ. ඒ අතරින් සහල් අර්බුදය කාලයක් පටන් පැවැති හා තවමත් පවතින ගැටළුවකි. ඒ අතරට නොබෝදා එක් වූ ආහාර ද්‍රව්‍ය වූයේ බොම්බයි ලූණ, රට ලූණු, ලොකු ලූණු, බී ලූණු ලෙස විවිධ නම්වලින් හදුන්වන බී ලූණුය. මේ වන විට ලංකාවේ වෙළද පොළේ බී ලූණු කිලෝවක මිළ රුපියල් 700 ක පමණ අගයක් ගෙන ඇත. විවිධ ස්ථානයන්හි විවිධ මිළ ගණන් යටතේ අළෙවි වන අතර ඒ සෑම තැනකම රුපියල් 500ට වඩා වැඩි මිළක් දක්නට ලැබේ.
ලූණු ඉන්දියාවේද ලංකාවේද ?
ලංකාවේ වාර්ෂික බී ලූණු පරිභෝජන අවශ්‍යතාවය සදහා වසරකට මෙට්‍රික් ටොන් 2,80,000කි. ආසන්නව මෙට්‍රික් ටොන් ලක්ෂ 3කි. මෙවැනි අවශ්‍යතාවයන් සපුරා ගැනීම සදහා ලංකාවේ බී ලූණු වගාව ශක්තිමත්ව පවතීද යන්න මූලිකවම සොයා බැලිය යුතු කරුණකි. මේ වන විට දඹුල්ල, අනුරාධපුර, පොළොන්නරුව, කුරුණෑගල, හා මොරගහකන්ද යන ප්‍ර දේශයන්හි බී ලූණු වගාව සිදුකරන අතර මේ සියලු ප්‍ර දේශයන්හි බී ලූණු වගාව සදහා අයත් බිම් ප්‍රමාණය හෙක්ටයාර් 6000ක් පමණ වන බව සදහන් වේ. මෙම භූමි ප්‍රමාණයෙන් අප ලබාගන්නා අස්වැන්න මෙට්‍රික් ටොන් 120,000 හෝ 130,000ක් අතර ප්රමාණයකි. එය ලංකාවේ බී ලූණු අවශ්‍යතාවයෙන් හරි අඩකටත් අඩු ප්රමාණයකි. 2023 වර්ෂයේදී ඉහත දැක් වූ ප්‍ර දේශයන්හි වගා කළ බිම් ප්‍රමාණය වූයේ හෙක්ටරයාර් 450ක් තරම් ප්‍රමාණයක් වන අතර එම ප්‍රමාණයෙන් ලැබූ අස්වැන්න මෙට්‍රික් ටොන් 7851කි. මෙම ප්‍රමාණය සමස්ථ බී ලූණු අවශ්‍යතාවයෙන් සියයට 5ක් තරම් අඩු ප්රමාණයකි.
මේ අනුව ලංකාවේ බී ලූණු අවශ්‍යතාවය සපුරා ගැනීම සදහා වන නිෂ්පාදන සක්‍යතාවයක් නොපවතින බැවින් අනිවාර්යෙන්ම බී ලූණු ආනයනය කිරීමට සිදුවේ. ලංකාවට බී ලූණු අපනයනය කරන රටවල් අතර ඉන්දියාව හා පකිස්ථානය ප්‍රධාන වන අතර ඉන්දියාවෙන් ලංකාවට ආනයනය කරනු ලබන බී ලූණු ප්‍රමාණය සියය 75ක් පමණ වන අගයකින් යුතු වේ. ඉන්දියාවේ බී ලූණු අපනයනයෙන් තුන් වන ස්ථානයේ පසුවන්නේද ශ්‍රී ලංකාව වේ. මීට අමතරව ඔවුන් ඇමරිකාව හා මැලේසියාව වේ. ඒ අනුව ලංකාවේ පරිභෝජනය කරනු ලබන බී ලූණු ප්‍රමානය 2023 සැප්තැම්බර් දක්වා ඉන්දියාවෙන් ආනයනය කළ බී ලූණු මෙට්‍රික් ටොන් 239305කි. ඒ සදහා වැය වී ඇති මුදල රුපියල් මිලියන 24000 ක් පමණ වේ. මේ අනුව ලංකාවේ බී ලූණු පරිභෝජනයෙන් සියයට 75ක් පමණ සපුරා ගනුයේ ඉන්දියාවෙන් වේ.
ඒ අනුව වැඩි බී ලූණු ආනයනයේ වැඩි කොටස් පංගුව හිමිව ඇත්තේ ආනයනික ඉන්දියානු බී ලූණුවලටය. කැමැත්තෙන් හෝ අකමැත්තෙන් ඉන්දියානු ලූණු සදහා ඉඩ සැලසීමට සිදුව ඇත. එය ලංකාවේ අස්වැන්න සම්බන්ධයෙන් කොතරම් බලාපොරොත්තු සහගතව පැවැතියද මේ දක්වා ලංකාවේ බී ලූණු නිෂ්පාදනය සදහා වන කිරා මැන බැලීම් කොතරම් පැවැතියද පවතින සත්‍යයට මුහුණ දීමට සිදුව ඇත. මෙවැනි වාතාවරණයක් යටතේ ශ්‍රී ලංකාවේ බී ලූණඅ අවශ්‍යතාවය සපුරා ගැනීමක් කළ හැකිද ? මේ සම්බන්ධයෙන් අදහස් දැක් වූ කෘෂිකර්ම අමාත්‍යංශයේ සහකාර කෘෂි කර්ම අධ්යක්ෂ ( ලොකු ලූණු භෝග නායක ) ඩි. ආර්. කාංචන සදහන් කර සිටියේ වෙළද පොලේ රුපියල් 100කට ලොකු ලූණු තිබෙන අවස්ථාවක ගොවීන් මෙම ලොකු ලූණු වගාවට නැඹුරු වීමක් දක්නට නොමැති අතර මේ හේතුවෙන් ලොකු ලූණු වගාවට ගොවීන් පෙළඹීමක් දක්නට නොවීම ආර්ථික වශයෙන් පාඩුවක් බව ඔවුන් සදහන් කරන බවයි. ඒ අනුව හෙක්ටයාරයකට අස්වැන්න වැඩිකිරීමට මෙන්ම ඉහල තාක්ෂණයෙන් යුතු අස්වැන්නක් සදහා තාක්ෂණික පැකේජයක් කෘෂි කර්ම අමාත්‍යංශය විසින් හදුන්වා දෙන ලද අතර මෙයින් හෙක්ටයාරයකට අස්වැන්න මෙට්‍රික් ටොන් 40ක් දක්වා වන ලෙස දෙගුණ කිරීමට කටයුතු කරනු ලබන බව ඔහු සදහන් කර සිටී. ඒ අනුව ඉදිරි වසර 03ක සැලැස්මක් අනුව මෙම ක්‍රියාන්විතය හදුන්වා දෙන අතර මේ හරහා ලොකු ලූණු කිලෝවක් රුපියල් 40කට නිෂ්පාදනය කිරීමේ හැකියාව ඇති අතර එය සාර්ථක වුවහොත් ලොකු ලූණු කිලෝව රුපියල් 150කට නිෂ්පාදනයකට හැකි බවද සදහන් කර සිටී.
කෙසේ නමුත් අනාගත සැලසුම් කොතෙකුත් තිබියද මේ වන විට පවතින තත්වය නම් ලංකා වෙළද පොළේ බී ලූණු කිලෝවක් 700 ත් 800ත් අතර මිළකට පැවැතීමය. මෙය කෙසේ වූවක්ද ? නැතහොත් මෙය මාෆියාවක්ද ? යන්න පවතින තොරතුරු අනුව විමසා බැලීම වටී. කුමන තත්වයක් තුළ වුවද මීට මාස දෙකක පෙර ඉන්දියාව තම බී ලූණු අපනයනය කිරීම නවතා දැමුවේය. එයට හේතුව ලෙස ඉන්දියානු මාධ්‍ය සදහන් කර සිටියේ ඉන්දියාව තුළ පවතින ආහාර අර්බුදයට ඉන්දියානු රජයේ පෙර සූදානමක් ලෙස මෙය සිදුවන බවය. එසේම මෙම තහනම් කිරීමේ කොන්දේසී ඉවත් කිරීම නවදිල්ලිය මහ මැතිවරණයට දැඩි බලපෑම් කළ හැකි බවත්ය. දේශීය ගොවීන් රට තුළ පවතින ආහාර අපනයනට පියවර ගත හොත් ඉන්දියාව තුළ බඩු මිළ ඉහල යාම සිදුවීම ඉන්දියානු රජයට සෘජුව මහජන විරෝධය එල්ලවීම සිදු විය හැකි බවත්ය. මැතිවරණයක් පවතින කාලයක් හේතුවෙන් එය කිසිසෙත්ම සිදු කිරීමට ඉන්දියානු පවතින රජය කටයුතු නොකිරීම මෙහි ප්‍රධාන සැලසුම වී තිබේ.
මෙකී බලපෑම ලංකාවේ ලොකු ලූණු මිළ ඉහල යාමට සෘජුව බලපානු ලබන අතර එමගින් ඉන්දියානු වෙළද අධිකාරියේ තරම ලංකාව හමුවේ තැබීමට මේ අතර තුර සිදුවන අනෙක් ක්‍රියාමාර්ගය බවද දැක්වේ. මේ සම්බන්ධයෙන් කරුණු සොයා බැලූ විට පෙනී යන්නේ. ලංකාවට අපනයන කරන ලද බී ලූණු තොග තවමත් ලංකාවේ මහා පරිමාණ තොග වෙළදුන් ලග ගබඩා කර ඇති අතර ඒවා වෙළද පොළ වෙත නිකුත් කිරීම වලකා ලමින් ඉන්දියානු ව්‍යාපාරිකයින් පිරිසක් කටයුතු කරන බවත්ය.
බී ලූණු මාෆියාව
වරින් වර මතුවන අර්බුද හමුවේ ඒවා තමන්ගේ වාසියට හරවාගෙන ඉන් මහා පරිමාණ ආර්ථික වාසි ලබා ගැනීම කොතෙකුත් සිදුව ඇත. කොරෝනා වෛරසය පැතිර යන කාලය තුළ විවිධ සේවාවන් දක්වා මුදල් කුට්ටි ගරා ගැනීමට කටයුුතු පිරිස් දැකිය හැකි විය. මෙය ව්‍යාපාරික උවමනාවක් සපුරා ගැනීම සදහා කදිම තෝතැන්නක් කරගත් ව්‍යාපාරිකයෝ ඒ සදහා මුදල් විසි කරමින් අර්බුදයෙන් මුදල් ඉපයීමට කටයුතු කළයේ. හාල් මාෆියාවේදීද, බෙහෙත් ගෙන්වීමේ මාෆියාවේදීද එක ලෙස කටයුතු කරන මේ පිරිස බී ලූණු අර්බුදයේදීද තම ප්‍රතිපත්තිය හකුලා නොගන්නා බව පෙනේ.
එයට සාක්ෂි සපයමින් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ තොග වෙළදුන් සදහන් කළේ දැවැන්ත පරිමාණයේ වෙළද ව්‍යාපාරිකයින් ලොකු ලූණු සගවා තබා ගෙන සිටින බවයි. ඔවුන්ගේ අරමුණ ලොකු ලූණු කිලෝවක් රුපියල් 800ත් 1000ත් අතර ප්‍රමාණයකට මිළ වැඩක් කිරීමක් දක්වා බවය. ඉන්දියාවෙන් හා වෙනත් රටවලින් ගෙන්වා ඇති ලොකු ළූණු තොග ගබඩාවල රඳවාගෙන සීමිත ප්‍රමාණයක්, විකුණන ලෙසත් තවදුරටත් මිල ඉහළ දමන ලෙසත් ඉන්දියාවේ සිට ලොකු ලූණු එවන ව්‍යාපාරිකයන් දැනුම් දුන් බව දඹුල්ල ප්‍රදේශයේ ලොකු ළූණු තොග අලෙවි කරන වෙළෙන්දෝ පවසති. ඉන්දියාවෙන් ගෙන්වා ඇති සියලු ලොකු ළූණු තොග අයිතිකරුවන් වන්නේ ඉන්දියාවේ ව්‍යාපාරිකයන් බවත් එම ව්‍යාපාරිකයන් කියන මුදලට පමණක්ම තමන්ට ළූණු අලෙවි කිරීමට සිදුව තිබෙන බවත් ඔවුහු අවධාරණය කරති.
ඒ අනුව, දඹුල්ල ප්‍රදේශයේ ලොකු ළූණු තොග ගබඩාවල විශාල වශයෙන් ලූණු ගබඩා කර වෙළෙඳපළේ ලොකු ළූණු හිඟයක් ඇතිකොට ඉතා ම සූක්ෂ්ම ලෙස ලංකාවේ ව්‍යාපාරිකයින් කිහිප දෙනෙකු සහ ඉන්දියාවේ ව්‍යාපාරිකයන් කිහිප දෙනෙකු එක්ව ලොකු ළූණු මිල ඉහළ දමා ජනතාව සූරා කෑමට ලක් කිරීමේ මාෆියාවක් ක්‍රියාත්මක වන බව පැහැදිව ඇති කරුණකි.
බොර දියේ ලූණු බෑම
තත්වයන් මෙසේ පවතිද්දී උත්සව සමයේ ජනතාවගේ විරෝධය රජය වෙත හැරවීම සදහා විපක්ෂයේ කණ්ඩායම් යුහුසුළුව කටයුතු කරමින් සිටින අතර ඒ සදහා කදිම පොටක් මෙම ලූණු හිඟය මගින් නිර්මාණය කොට ඇත. ඒ අනුව මේ දිනවල පාරට බසින ඕනෑම කෙනෙකුට ලූණු මිළ සම්බන්ධයෙන් අදහස් දැක්වුවහොත් ඇති වන වෛරය කූට ව්‍යාපාරිකයන්ට හෝ ඉන්දියානු කූට ව්‍යාපාරිකයන් හමුවට නොව සෘජුව ආණ්ඩුව වෙත දිගු වීම සාමාන්‍ය ස්වභාවයය. එහෙත් සිදුව ඇති දේ සත්‍යයක් වුවත් රජයේ වගකීම මේ වන විට ඉටුකරමින් පවතී. ඉන්දියාව සිය අපනයනය තාවකාලිකව නවතා තිබුනද එරට රජයෙන් ලිඛිත ඉල්ලීමක් සිදුකොට බී ලූණු තොග ප්‍රමාණයක් නිදහස් කර ගැනීමට ඉන්දියානු මහ කොමසාරිස්වරයා මාර්ගයෙන් කටයුතු යොදා ඇත. එසේම මෙරටට ලොකු ළූණු ආනයනය කරන පකිස්තානයද සිය අපනයන සඳහා ගෙවීම් පිට පමණක් නිකුත් කිරීමේ රීතිය ලිහිල් කොට ලංකාවේ ඇණවුම් කරුවන් වෙත අත්පිට මුදලට ලොකු ළූණු ගෙන්වීම සදහා පහසුකම් සලසන ලෙසද ඉල්ලා ඇත. මීට අමතරව නෙදර්ලන්තය සහ චීනය වැනි රටවලින් ආනයනය කිරීමට ආනයනකරුවන්ට අවසර ලබා දී ඇති අතර එම තොග එළඹෙන සති දෙක තුන තුළ ලංකාවට ලැබීමට නියමිත බවද සදහන් වේ.
ඒ අනුව ඕනෑම අර්බුදයකදී රජය අපහසුතාවයකට පත් කිරීමේ ත්‍රාඪ මෙහෙයුම ලූණු හිඟය තුළ විපක්ෂයේ සාර්ථක සටන් පාඨයක් නොවන බවට පැහැදිලිය. සිදුව ඇති අර්බුදය සදහා තාවකාලික විසදුම් නොමැති වුවත් දිගු කාලීන විසදුම් වෙත රජය මේ වන විටත් පියවර ගනිමින් සිටී. ඒ ලංකාවේ අස්වැන්න දෙගුණ හෝ තෙගුණ කිරීම තුළින් ලංකාවේ ජනතාවගේ පරිභෝජන අවශ්‍යතාවයන් සලසා දීමේ වගකීම ඉටු කිරීම මෙන්ම කෙටි කාලීන විසදුම් මගින් ජනතාවගේ ආහාර අවශ්‍යතාවය මෙන්ම ඒවා අඩු මිළට ලබා ගැනීමේ පහසුකම් සලසා දීමත්ය.
ඒ අනුව මාෆියාකරුවන්ට හා රටේ මතුවන ඕනෑම අර්බුදයක් මගින් බොර දියේ මාළු බෑමට කටයුතු කරන විපක්ෂයේ කණ්ඩායම්වලට තම අරමුණු බී ලූණු අර්බුදය හමුවේ සාර්ථක නොවෙනු ඇත. ඒ මේ රනිල් වික්‍රමසිංහ විසින් මෙහෙය වන රජයක නිවැරදි තීරණ නිවැරදි වෙලාවට ගැනීම නිසාය.
කේ. පී.අයි. ප්‍රියංග