Economic

බිත්තර 30-35ට

ඉදිරි මාස කිහිපය තුළ දේශීය වෙළෙඳපොළේ බිත්තරයක් රුපියල් 30 -35 අතර මුදලකට ලබා දිය හැකි වෙතැයි සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති සරත් රත්නායක පවසයි.

පසුගිය දින කිහිපයේ දේශීය වෙළෙඳපොළේ බිත්තර මිල රු. 65 දක්වා ඉහළ ගිය නමුත් එය මේ වන විට රුපියල් 50 – 45 ත් අතරට පැමිණ තිබේ.

මේ අතර තවත් බිත්තර මිලියන හයක තොගයක් හෙට (31) ඉන්දියාවෙන් පැමිණෙන බව ශ්‍රී ලංකා රාජ්‍ය වානිජ (විවිධ ) සංස්ථාව (STC) පවසයි. STC සභාපති ආසිරි වලිසුන්දර පැවසුවේ මෙම නව බිත්තර තොගය සිල්ලර අලෙවිය සඳහා දිවයින පුරා පිහිටි සතොස අලෙවිසැල් වෙත නිකුත් කරන බවය. මෙම බිත්තර රු 35 ක මිළකට ලබා ගත හැකිය.

එසේම නව වැට් බදු බිත්තර මිලට බලනොපාන අතර ඒ අනුව අප්‍රේල් අලුත් අවුරුදු උත්සව සමයේදී එය රුපියල් 30ත් 35ත් අතර ප්‍රමාණයකට පහත වැටෙනු ඇති බවත් වලිසුන්දර ද පවසා සිටී.

-P.M

Leave a Reply

Your email address will not be published. Required fields are marked *