ධම්මික එන්නේ මොනව කරන්නද ?
පොදු ජන පෙරමුණේ තේරීම් අමුතුය. එහෙම අපට කියන්න වෙන්නේ ඔවුන්ගේ තේරීම්වල අමුතු තැන් නිසාම ඔවුන් පක්ෂය පමණක් නොව රටම අවුල් කරගන්නා නිසාය. කාගෙත් මේ දිනවල කතා බහට ලක්ව ඇත්තේ එළඹෙන ජනාධිපතිවරණය ගැනය. පක්ෂ කීපයක් එකතුව සන්ධාන පිට සන්ධාන ගොඩ නගමින් සිටී. එහෙත් නායකයෙකු පිළිබද තවම ඔවුන් අතර කතා බහක් නැත. මේ අතරේ ව්‍යාපාරික ධම්මික පෙරේරා පොදු ජන පෙරමුණේ මීලග ජනාධිපතිවරයා වන බවට කතා බස් වන බවට පසුගියදා තොරතුරු එහෙන් මෙහෙන් වාර්තාවිය. මේ පිළිබදව ධම්මික පෙරේරා 2023 අවුරුද්ද අවසන් වෙන්න ඔන්න මෙන්න කියා තිබියදී මාධ්‍ය සාකච්ඡාවක් කැදවමින් ඔහු එළඹෙන ජනාධිපතිරණයට තරග කරන බව ප්‍රකාශ කර සිටියේය. එහෙත් සපුරා ලිය යුතු කොන්දේසි ගණනාවක් පොදු ජන පෙරමුණෙ විසින් ඔහු හමුවේ තබා ඇති බවට දෙසැම්බර් 30 වන දා පැවැති මේ මාධ්‍ය සාකච්ඡාවේදී ඔහු සදහන් කොට සිටියේය.
ඒ් ධම්මික පෙරේරාගේ පැත්තෙන්ය. අප ඊට පෙර පොදු ජන පෙරමුණ හෙවත් පොහොට්ටුව ගැන දෙයක් කිව යුතුය. පසුගිය ජනාධිපතිවරණයේදී පොහොට්ටුවෙන් අමුතු පන්නයේ නායකයෙකු ඉදිරිපත් කළේය. අමාත්‍යංශයක ලේකම් ධූරයක් පමණක් දරා සිටි ඔහු හමුදා විනය රටට ආදේශ කිරීම සදහා යැයි කියමින් රටේ විනය හැදීම මේ හැමදේටම විසදුම ලෙස දක්වමින් ගෝඨාභය රාජපක්ෂ බලයට පැමිණ වූයේය. එක් පැත්තක පමණක් අත්දැකීම් සහිත වූවෙකු රටේ නායකයා කිරීමෙන් අත්පත් විය හැකි භයානක කම ඔ්නෑවටත් වැඩිය මේ රට ඔහුගේ පාලන කාලය තුළ අත්දුටුවේය. පාලනය කිරීම කෙසේ වෙතත් ඔහුට යාමට සිදු වූයේ මෙතෙක් ඉතිහාසයේ ජනතාවගේ විරෝධතා හමුවේ ජනාධිපතිධූරය දමා පලාගිය එකම නායකයා ලෙසය. ඒ් පොහොට්ටුවේ අමුතු තේරීම්වල රඟ ජනතාවට දැනුනු විදියය. රටේ ආර්ථික කෙල්ලටම නැති කොට දමා පාලනයක් නැති ජනතාවගේ දැවෙන ප්‍රශ්න කරවටක් ගිල්වා දමමින් ඒ් කළ සෙප්පඩ විජ්ජාව නිසා රටේ ඇති වූයේ එතෙක් මෙතෙක් නොවූ විරූ අර්බුදයකට රට ඇද දැමීමය
දැන් නැවත වටයකින් රෑ වැටුනු වළේම දවල් රට වැට්ටවීමට උත්සාම දරණවාද යන්න ධම්මික පෙරේරාගේ මේ ජනාධිපතිවරණ අපේක්ෂකත්වය සදහා ඉදිරිපත් වීමෙන් පෙන්නුම් කරන බවට සැක පහළ වෙමින් තිබේ.
මේ බවට හොදම සාක්ෂි ඔහු විසින් පැවැත්වූ මාධ්‍ය හමුවේදී අනාවරණය වුනා. ඒ පොදු ජන පෙරමුණ විසින් ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන අපේක්ෂකයා විසින් ඉටු කළ යුතු කොන්දේසි 12ක් සම්පූර්ණ කළ යුතු බවට වන ප්‍රතිපත්ති මාලාවක් ඉදිරිපත් කිරීමය. එය ධම්මික පෙරේරා විසින් මාධ්‍ය හමුවේ ප්‍රකාශ කළ ආකාරයට මේ කියන කොන්දේසි පොහොට්ටුවේ කවුරුවන් විසින් අනුමත කළ දේවල්ද යන්න පළමු පැනයය. එසේ අනුමත කළා නම් ඒ්වා පිළිබද නැවත සැලකිලිමත් විය යුතුමය. රැකියා ලක්ෂ 10ක් ලබාදීමට වැඩ හැදීම ධම්මිකගේ ගණන් සුත්තරෙන්ම පැය 9600කින් හැකි යන්න වෙන කවුරුවත් නොව ජනතාව සිතා බැලීමට වටින කාරණාවකි. මොකද මේ වෙන කොටත් ලංකාවේ රාජ්‍ය අංශයේ රැකියා යනු ඒ් ඒ් ආයතනයන්ට බරක්ව ඇති බව පසුගිය කාලයේම කතා බහට ලක්වූ කරුණකි. ඉතිං ධම්මිකගේ සමාගමේද සේවකයන් පසුගිය කාලයේ ෙ දොට්ට දැමීමට කටයුතු කළ බව විශාල ප්රවෘත්ති බවට පත් වූ සිදුවීම්ය. ඉතිං රැකියා ලබාදීම ගැන කොන්දේසිය ධම්මික අමාරුවේ දැමීමට හිතා මතාම ඇතුලත් කළ වගන්තියකි. ධම්මික මෙහිදී සදහන් කරන තවත් කරුණක් වන්නේ රාජ්‍ය ආයතන විකුණා දැමීම හෝ පුද්ගලීකරණය කිරිම ගැන කරුණය. මේ පරණ තැටියේම ඇති ජාතිකවාදී පොහොට්ටු කල්ලි දැමූ තොණ්ඩුවකි. ඊටත් මේ ධම්මික පෙරේරාය. ඉතිං විකුණා දැමීම් කරන්න වෙන්නේ හෝ නොවන්නේ ඔහු ජනාධිපති වුවහොත් නේ .. අපිට නම් මේ දේවල් වලින් පැහැදිලි වන්නේ ධම්මිකට හොදවැයින් ඇමක් පොහොට්ටු සෙට් එක ලබා දී ඇති බව පමණකි.
ඒ්ත් ආතල් එකටත් එක්ක මොහුගේ මේ කතා ඇසීම මීට පෙර උඩ දැමූ නායකයාගේ පූර්ව ප්රචාරක රැලි හා කතා මතකෙට එන්නේම යකෝ මේ ධම්මිකද නැත්නම් ගෝටාභයද කියා මතක් වෙන නිසාය. ඔහු මෙහිදී රට පටලවාග ගනී. මුලදී මුදල්ම අවශ්‍ය නෑ රටක් ගොඩ නගන්න යැයි කියන ධම්මික පසුව ආර්ථිකය නැතිව රටක් ගොඩ නැගිය නොහැකි බවත් මේ වැට් ආදිය දමා ගොඩ නගන්නේ ඒ් ආර්ථිකය බව දක්වා.
බළලා මල්ලෙන් එලියට පන්න්නේ නැත්තේම නොවේ. මොකද ධම්මික මේ අනුගමනය කරමින් පවතින රනිල් වික්‍රමසිංහගේ ආර්ථිකය ගොඩ දැමීම අනුමත කරමින් රනිල් රට ආර්ථික වශයෙන් ගොඩ දැම්මාට පස්සේ රට භාර ගැනීමට සූදානම් බවක් මේ කතා බස්වලින් පෙන්නුම් කරයි.
අනේ ඉතිං ධම්මික ඔයා ඇයි මෙහෙම රනිල් හදපු රටකට ඇවිත් ඔයා ඉතිරි ටික කරන්න යනවා නම් ඉතිං ඔයාගෙන් ඇති වැඩේ මොකද්ද යන්න අපට ඇසීමට ඇති ප්‍රශ්නයය.
අර මතකයි නේ ගෝටාභය හෝල්මන් මේ ධම්මික අස්සෙන් මතු වෙනවා කිව්වා මුලින් ඒ්කට හොදම තැන තමයි අර කිසිවෙකු විවේචනය කරන්නේ නෑ කියල ධම්මික කියන්නේ. මෙන්න මේකම ගෝටාභයත් කියනවා. එහෙම කියල තමයි එයා විනය ගරුක ජනාධිපති අපෙක්ෂකයා වුනේ. අනේ ඉතිං දේශපාලනයට එනවා නම් ධම්මික මහත්තයෝ විවේචනය අවශ්‍යමයි. දේශපාලනයේ මති මතාන්තර ගැටෙන්න ගැටෙන්න තමයි. නව දේශපාලන ප්‍රතිපත්තීන්ට අදාළ වැඩපිළිවෙලවල් හැදෙන්නේ. ඒ්ක දේශපාලනඥයෙකු ලබන පන්නරය. මේක ගැන ඉගෙන ගන්න නම් ධම්මිකට රනිල් වික්‍රමසිංහ හමුවෙන්නම වෙනවා. මොකද ඒ් පාඩම් ගැන ඔහු තරම් මේ රටේ දන්න තවත් නායකයෙකු නැති තරම්.
ඉතිං තවත් කීමට බොහෝ කරුණු තිබුනත් මේ අමුතු පන්නයේ චරිත බස්සවා. පොර පිටියක් හැදිමට පොහොටුවට කැමති නම් කිරීමට අවස්ථාව තිබුනත් අපරාදේ මේ කාලය සහ මුදල් නාස්තිය. ධම්මිකලාව බිස්නස් වැඩවලට දමා ඔවුන්ගෙන් ඒ් පැත්තේ වැඩ ටික කරගත්තා නම් ආයේ රට විනාශයක් වෙත තල්ලු කර දැමිමට වන ජරා වැඩේ නොකරන්න අබ මල් රොණක මොලක් ඇති පොහොට්ටුවේ කිසියම්ම හෝ නායකයෙකුට තිබුය යුතුමය.
පොහොට්ටුව ධම්මික අපේක්ෂකත්වයට දැමීමටත් පෙර ඔහු වැට පැන ඇති බවට මේ සාකච්ඡාවේදීද කරුණු තහවුරු වුනත් අපට කීමට ඇත්තේ සමහර මිනිස්සුන්ට අදාළ වැඩ තියෙනවා සාර්ථක කර ගැනීමට හැකි ඒ්ත් මේ දේශාපාලනය සහ ජනාධිපතිකම කියන්නේම දේශපාලන පරිනතකම් විසින් පමණක් රටක් ගොඩ දැමිය හැකි තනතුරක්. එයට සුදුසුස්සෙකු මේ වන විටත් පත්ව තිබේ. ඉතිං ඔහුගේ ඉතිරිය කරන්න ගොස් රට නැවත අවුල් කරනවාට වඩා ඉතිරි ටිකත් ඔහුටම කරන්න දී අනේ මේ රට සංවර්ධනය කිරීමට වන මේ අයිතිහාසික කාර්යය නම් කා දැමීමට ඉඩ නොතබන්න යැයි අපි දේශපාලන පක්ෂවලට නැතත් ජනතාවට වෙත දන්වා සිටීමට කැමැත්තෙමු
ඇසළ මනුප්‍රිය