Local News

දමිතා අබේරත්නගේ කූඨ වංචා එළියට.

රංගන ශිල්පිනී දමිතා අබේරත්න සහ ඇගේ සැමියාට කොරියානු රැකියා පෙන්වා රුපියල් ලක්ෂ 30ක් වංචා කළ බවට චෝදනා එල්ල වී තිබෙන අතර ඔවුන් නීතිඥවරයෙක් මාර්ගයෙන් අපේක්ෂිත ඇප අයදුම්පත්‍රයක් ගොනු කර ඇති බවයි වාර්තා වනවා.

පැමිණිල්ල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යොමු කර ඇතත් 2754/23 චක්‍ර ලේඛනයට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යොමු කළ හැක්කේ මිලියන 25 ට වැඩි වංචා පැමිණිලි පමණක් බව දමිතා අබේරත්න සහ ඇයගේ සැමියා වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරයා අධිකරණය හමුවේ පවසා ඇති අතර අපේක්ෂිත ඇප අයදුම් පත්‍රය විමසීම අවසන් වන තෙක් වරෙන්තුවක් නොමැති දමිතා සහ ඇගේ සැමියා අත්අඩංගුවට නොගන්නැයි අධිකරණය නියෝග කර තිබෙනවා.

ඒ අනුව, අපේක්ෂිත ඇප අයැදුම් පත්‍රයේ විමසීම අවසන් වනතෙක් වරෙන්තුවක් නොමැතිව දමිතා අබේරත්න සහ ඇයගේ සැමියා අත් අඩංගුවට නොගන්නා ලෙසත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ අංශයට එළඹෙන 6 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස පිස්කල්වරයා මාර්ගයෙන් නොතීසි නිකුත් කිරීමටත් මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා නියෝග කර තිබෙනවා.

රංගන ශිල්පිනී දමිතා අබේරත්න හා ඇගේ සැමියා නිසි වරෙන්තුවක් නොමැතිව අත්අඩංගුවට නොගන්නා ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියෝගයක් නිකුත් කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *