තිළිණි ප්රියමාලි තවත් නඩුවකින් නිදොස් කොට නිදහස්
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මීගමුව මහේස්ත්රාත් අධිකරණයේ තිළිණි ප්රියමාලිට එරෙහිව පවරා තිබූ නඩුවකින් මීගමුව ප්රධාන මහේස්ත්රාත්වරයා විසින් අද දින ඇය නිදොස්කොට නිදහස් කරන ලදී.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් රුපියල් ලක්ෂ 141ක මුදල් ගනුදෙනුවක් සම්බන්දයෙන් චූදිත වඩුවාවලගේ තිළිණි ප්රියමාලි යන අයට එරෙහිව මීගමුව මහේස්ත්රාත් අධිකරණයෙහි නඩු අංක 60208 යටතේ මෙම නඩුව පවරා තිබූ අතර
මේ දක්වා එහි නඩු විභාග කටයුතු පැවතිණි. මෙහිදී CID ය නීතිපති දෙපාර්තමේන්තුවෙන් උපදෙස් පතා තිබූ අතර නීතිපති දෙපාර්තමේන්තුව ගරු අධිකරණය වෙත දන්වා සිටියේ මෙම නඩුව පවරා පවත්වාගෙන යාමේ හැකියාවක් නොමැති බවයි.
2024. 02.06 දින වන අද දින එකී නඩු විභාගයෙන් අනතුරුව සාක්ෂි ප්රමාණවත් නොවන හෙයින් මෙම නඩුවෙන් චූදිත වන වඩුවාවලගේ තිළිණි ප්රියමාලි නිදොස්කොට නිදහස්කොට තිබේ. මේ සම්බන්ධයෙන් තිළිණි ප්රියමාලිගේ නීතිඥවරුන්ගේ ස්ථාවරය වී තීබුනේ එම මුදල් මේ වන විට ලබා දී ඇති බවත් ද්වේෂ සහගත චේතනාවෙන් මෙම නඩුව පවරා ඇති බවත්ය