ඩිජිටල් කරණය වූ සිනමාව …
රාජකාරී කටයුත්තකට මිනිපේ හසලක ප්රදේශයට යන අතරතුරදී හසලක සිනමා ශාලාව විවෘතව තිබෙන අයුරු දුටුවෙමි.සිනමා ශාලා වැසී යන මොහොතක මෙවැනි ප්රදේශයක නැවතත් එම සිනමා ශාලාව විවෘතව තිබීම සිනමා රසිකයෙක් ලෙස මාහට සතුටක් ගෙන දෙන කරුණක් විය.රාජකාරී කටයුතු අවසන් වූ පසුව මම එම සිනමා ශාලාවට ගොඩ වැදුනෙමි.එම අවස්ථාවේ එම සිනමා ශාලාව භාරව සිටි තරුණයා ඉතාමත් සුහදව මාව පිළිගන්නා ලදී.. සිනමා ශාලාවේ පැරැණි බව එලෙසමයි. අලුත් බවක් තිබුණේ නැත.
විජය කුමාරතුංගයන්ගේ රුව ඇඳි චිත්රයක් ඇතුල් වෙන තැනම බිත්තියේ ඇඳ තිබුණි . පැරණි සිනමාව තවමත් රසිකයින්ගේ සිත් තුළ පැලපදියම් වී තිබෙන බවට හොඳ සාක්ෂියකි.මිලිමීටර් 35යේ ප්රොජෙක්ටරයකින් චිත්රපට පෙන්නනවා ඇතැයි සිතුවෙමි.එහෙත් සිනමා ශාලාව ඩිජිටල්කරණය වී තිබුණි .අලුත් වී තිබුණේ ඒ ප්රොජෙක්ටරය පමණි.චිත්රපට බලන්නට කවුරුවත්ම නැත.ඉදිරියේදී සිංහබාහු චිත්රපටය පෙන්වීමටද නියමිතය. පාඩු පිට හෝ චිත්රපට ශාලාව කරගෙන යාම අගය කළ යුතු කරුණකි.සිනමා ශාලාව කරගෙන යන අයට සිනමාව රැක ගැනීමට වුවමනාවක් තිබුණි. එහෙත් චිත්රපට සංස්ථාවට අවශ්යතාවයක් තිබේදැයි සැක සහිතය.අලුත් විධික්රම සහ කළමනාකාරීත්වය පිළිබඳ දැනුම ශාලාහිමියන්ට ලබා දුනහොත් චිත්රපට කර්මාන්තය රැක ගත හැකිවේ.
ඒ සඳහා මූලිකත්වය ගත යුත්තේ චිත්රපට සංස්ථාවයි.දැන් සිනමාව වැහිලා චිත්රපට පෙන්නුවාට මිනිස්සු එන්නෙ නෑ කිය කියා චිත්රපට සංස්ථාවද වැළපුණහොත් සිනමා කර්මාන්තය දියුණු කළ නොහැකි වේ.හසලක සිනමා ශාලාව විවෘතව ඇති බවට චිත්රපට සංස්ථාවද දන්නා බව සැකසහිතය.මන්ද ඒ ප්රදේශයේ මිනිසුන්ද ඒ බව නොදනී. චිත්රපට බැලීමට මිනිසුන් එන්නේද හොර රහසිනි.වැඩිහිටියන්ට පමණක් වෙන් වී ඇති චිත්රපට ගෙන්වා ප්රදර්ශනය කිරීම තුළින් පවුල් පිටින් සිනමා ශාලාවලට එන ඒක වැළැක්වූයේ අතීතයේ සිටි බලධාරීන්මය.ඒ තත්ත්වය තවමත් වෙනස් වී නොමැත.සිනමා ශාලා යනු පවුල් පිටින් යා යුතු තැනක් බව ප්රචාරාණාත්මකව කළ යුත්තේ චිත්රපට සංස්ථාවයි. සිනමාව යනු නුවර කොළඹ පිහිටි සුපිරි වෙළඳ සංකීර්ණවල ඇති චිත්රපට ශාලා පමණක් නොවේ.
හසලක සිනමා හසලකද චිත්රපට ශාලාවකි. හැමෝම සිනමාව ලෙස දකින්නේ සුපිරි වෙළඳ සංකීර්ණවලඇති චිත්රපට ශාලා පමණි.ශාලා හිමියන්ට අලුත් විදිහට හිතන්නට පුරුදු කළ හැක්කේ චිත්රපට සංස්ථාවට පමණි..එය කොළඹ සිට කල නොහැක.හසලක සිනමා හසලක සිනමා ශාලාවේ ටිකට් පත් මිල ගණන් තීරණය කරන්නේද චිත්රපට නිෂ්පාදකයින්ය.ඒවා සංස්ථාව දන්නවාදැයි නොදනිමි.අමාරුවෙන් චිත්රපට ශාලාව විවෘත කළ ඔවුන්ට අපි අපේ ගෞරවය පුද කළ යුතුය.
දවසකට අට දෙනෙක් සිටියහොත් ඔවුන් චිත්රපට පෙන්වයි .ආදායම රුපියල් 2000 හෝ ඊට මදක් වැඩිවේ . කොළඹ ලොකු ශාලාවල එක් අයෙකුගේ ටිකට් පත මේ හා සමාන විය හැක.චිත්රපට සංස්ථාව තවත් නිදාගෙන සිටියහොත් හසලක සිනමාහල ආයෙත් වැසී යා හැකිය.ආරම්භ කළා වැඩක් නෑ පාඩුයි කියා පුරුදු මන්තරේ මැතිරිය හැකිය.digital නොකළහොත් සිනමාව ඉවරයි කියා කෑ ගැසූ අය ඩිජිටල් කළ පසු නිශ්ශබ්දය.මාතලේ සිනමාශාලාවක් තවමත් මිලිමීටර් 35යේ චිත්රපට පෙන්වයි.ඒ සිනමාවට තිබෙන ආදරේ නිසාවෙනි.එවැනි සිනමාවට ආදරේ කරන මිනිසුන් තවමත් සිටි.හැබැයි සංස්ථාව කමිටු පත් කරමින් අනාගත සුභ සිහින දකිමින් සිටි.
චමින්ද අබේරත්න