Local News

ඩඩ්ලි සිරිසේනට කැළණියෙන් විරෝධය (video )

කැළණිය සරසවියේ මහජන සම්බන්ධතා හා මාධ්‍ය කළමණාකරණ පශ්චාද් උපාධි ඩිප්ලෝමා පාඨමාවේ ව්‍යවසායකත්වය, මාධ්‍ය භාවිතය සහ මහජන සම්බන්ධතා මැයෙන් වූ දේශනයේ ආරාධිත දේශකයා වූවේ අරලිය සමූහ ව්‍යාපාරයේ සභාපති ඩඩ්ලි සිරිසේනය. ඔහු අදාළ දේශනය සදහා කැළණිය විශ්වවිද්‍යාලයට පැමිණි අවස්ථාවේ ඊට දැඩි විරෝධතයක් සිසුන්ගෙන් එල්ල වූ අතර මෙහිදී තම රථය තුළ වැඩි වේලාවක් රැදී සිටීමට ඩඩ්ලි සිරිසේනට සිදුවිය.
කෙසේ නමුත් තත්වය සමථයකට පත් කර ගැනීමට ආචාර්යය මණ්ඩලයේ කිහිප දෙනෙකු සිසුන් සමග සාකච්ඡා පැවැත්වූ අතර එහිදී සිසුන් විසින් සදහන් කොට සිටියේ සහල් මාෆියාව සිදු කරන මෙවැනි අයෙකු විසින් දේශනයක් සිදුකිරීමට ආරාධනා කිරීමද ලැජ්ජා සහගත තත්වයක් බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *