ජර්මනියේ ගොවීන් ට්‍රැක්ටර් සමඟ වීදි බසිති
ජර්මනිය පුරා ගොවීන්ගේ ජීවනෝපාය සඳහා දැඩි බලපෑමක් 2024 වසර සඳහා රජයේ යෝජිත සහන කප්පාදු පිළිවෙත් නිසා සිදුව තිබේ. ඊට තම විරුද්ධත්වය ප්‍රකාශ කිරීම සඳහා ජර්මානු ගොවීන් ඔවුන්ගේ ට්‍රැක්ටර් සිය ගනනක් සමඟ සඳුදා දිනයෙදි මධ්‍යම බර්ලිනයට රැස්වූහ. රජට ගෙන තිබෙන මෙම පියවරයන්ට ඩීසල් සහනාධාර සහ කෘෂිකාර්මික වාහන සඳහා බදු සහන කපා හැරීම වැනි තීරණ ඇතුළත් වේ.
මෙම විරෝධතාවට පසුබිම සැකසුණේ, ගොවීන් සඳහා සහනාධාර වශයෙන් වාර්ෂිකව යුරෝ මිලියන 900ක් (ඩොලර් මිලියන 983.34) ඉතිරි කරගැනීමේ සැලසුම් හෙළිදරව් කිරීමට ෆෙඩරල් ආණ්ඩුව පොළඹවමින්, යුරෝ බිලියන 60ක නම් කරන ලද ණය අවලංගු කරන ලද මෑත කාලීන ව්‍යවස්ථාපිත අධිකරණ තීන්දුවකි.
ලබන වසරේ අයවැයට අනුව කෘෂිකාර්මික ඩීසල් යන්ත්‍ර සූත්‍ර සඳහා අර්ධ බදු ආපසු ගෙවීම සහ ඉතිරි කිරීමේ ඉලක්ක සපුරාලීම සඳහා කෘෂිකාර්මික වාහන සඳහා බදු නිදහස් කිරීම අහෝසි කිරීම රජයේ අරමුණයි. ගොවීන් තර්ක කරන්නේ මෙම පියවර ඔවුන්ගේ ජීවනෝපායට තර්ජනයක් පමණක් නොව ජර්මනියේ කෘෂිකාර්මික අංශයේ තරඟකාරිත්වයට වළ කැපීමට හේතු වන බවයි.
ප්‍රසිද්ධ බ්‍රැන්ඩන්බර්ග් ගේට්ටුව අසල ගොවීන් ”ඔබේ දේශපාලනය ගොවීන්ට එරෙහි යුද්ධයේ ප්‍රකාශයක්” සහ ”ඕනෑවට වඩා වැඩියි! දැන් ඉවරයි!” වැනි පණිවිඩ සහිත පුවරු රැගෙන ගියහ. පසුගිය සතියේ ජර්මනියේ ෘඊඪ සහ ඛීඪ ගොවි සංවිධාන, විරෝධතාව සඳහා කැඳවූ අතර සඳුදා, යෝජිත පියවර ක්‍රියාත්මක කළහොත් රටපුරා තවදුරටත් පෙලපාලි සංවිධානය කරන බවට තර්ජනය කළේය.
ෘඊඪ සභාපති න්ද්ජයසප ඍමනඅසැා ප්‍රකාශ කළේ, ”එහෙනම් ජනවාරි 8 වැනිදා ඉඳන් අපි කවදාවත් රට කවදාවත් අත්විඳ නැති විදියට හැමතැනම ඉන්නවා. අපි මේක පිළිගන්නේ නැහැ.” යනුවෙනි
සමාජ ප්රජාතන්ත්රවාදීන්, හරිතවාදීන් සහ නිදහස් ප්රජාතන්ත්රවාදීන්ගේ පාලක සභාග නායකයින් විසින් එකඟ වූ යෝජිත කප්පාදුව, නිදහස් ප්රජාතන්ත්රවාදී පක්ෂයේ ලිබරල්වාදීන්ගෙන් පමණක් නොව හරිත පක්ෂය තුළම විරුද්ධත්වය අවුලුවා ඇත. හරිත පක්ෂයේ කෘෂිකර්ම අමාත්‍ය ක්ැප ධ‘ාැපසර සඳුදා විරෝධතාවයට ගොවීන් සමඟ එක්වෙමින් ප්‍රකාශ කළේ, ”නෝනාවරුනි, මහත්වරුනි, මෙය මේ ආකාරයෙන් සිදු නොවන පරිදි මම මගේ බලයෙන් සෑම දෙයක්ම කරන්නෙමි.” කියාය
බදු සහන අවලංගු කිරීම නිසා ඇති වන අතිරේක මූල්‍ය බර පිළිබඳව ගොවීහු සිය කනස්සල්ල පළ කළහ. බටහිර රයින්ලන්ඩ් කලාපයේ න්මකැ ඊදබිැකි සඳහන් කළේ මෙම තීරණය වසරකට යුරෝ 20,000 ක පමණ අමතර පිරිවැයක් පනවනු ඇති බවත්, එය පිළිගත නොහැකි බවත් කෘෂිකාර්මික අංශයේ තරුණ තරුණියන්ගේ අපේක්ෂාවන්ට අහිතකර ලෙස බලපාන බවත්ය.
රජයේ ප්‍රකාශක ීඑැffැබ ්යැඉැිඑරුසඑ සඳුදා පැහැදිලි කළේ 2024 අයවැය පිළිබඳ තීරණ අවසන්කර ඇති අතර එය නැවත විවෘත නොකරන බවයි. කෙසේ වෙතත්, ක්‍රියාත්මක කිරීම පිළිබඳ තොරතුරු තවමත් විභාග වෙමින් පවතී.
යෝජිත කප්පාදුවන්හි ඉලක්කය වන්නේ රටේ කෘෂිකර්ම අංශයේ හරිතාගාර වායු විමෝචනය අඩු කිරීමය. පසුගිය වසරේ විමෝචනය මෙට්‍රික් ටොන් මිලියන 55.5 සඳහා කෘෂිකර්ම අංශය වගකිව යුතු වන අතර එය රටේ මුළු ප්‍රමාණයෙන් සියයට 7.4 ක් පමණ වේ. ඉහළ යන ආහාර මිල සහ පවතින අනෙකුත් කෘෂිකාර්මික සහනාධාරවලින් ලැබෙන ලාභය සැලකිල්ලට ගෙන ගොවීන්ට මූල්‍ය බර දැරිය හැකි බව පරිසර කණ්ඩායම් තර්ක කරති.
ග්‍රීන්පීස් කෘෂිකාර්මික විශේෂඥ මාර්ටින් හොෆ්ස්ටෙටර් ප්‍රකාශ කළේ, ”රජය විසින් කෘෂිකාර්මික ඩීසල් මිල අඩු කිරීම, දේශගුණයට හානිකර වන අතර එය අහෝසි කළ යුතුය.” යනුවෙනි
ජර්මනියේ බ්ලැක් ෆොරස්ට් කලාපයේ වයින් ගොවියෙකු වන අර්වින් ඩෙකර් අවධාරණය කළේ සැලසුම්ගත කප්පාදුව ක්‍රියාත්මක කිරීමෙන් බොහෝ පවුල් විසින් පවත්වාගෙන යනු ලබන ගොවිපලවල් රට පුරා වසා දැමීමට බල කෙරෙනු ඇති බවත්, තමන්ගේ ඉඩමේ ඉරණම සහ එහි වගාව පිළිබඳ කනස්සල්ල මතු කරන බවත්ය.
මේ අතර ප්‍රංශයේ සහ නෙදර්ලන්තයේ ද මෙවැනිම ගොවි උද්ඝෝෂණ අරම්භ වි තිබේ.