Local News

චමින්ද විජේසිරි ඉල්ලා අස් වුනේ ඇයි ?

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වීමට හේතු කිහිපයක් පිළිබද කරුණු අනාවරණය වේ.
කිසිදු දේශපාලනමය හේතුවක් නොමැතිව මෙවැනි තීරණයක් හිටි හැටියේම ගැනීමට තරම් පක්ෂය තුළ දරුණු මත ගැටුමක් හෝ එලියට පෙනෙන තරම් මත භේදයක් චමින්ද විජේසිරි සම්බන්ධයෙන් නොතිබුනු බව අදාළ තොරතුරු වාර්තා කර සිටී.
එසේ නම් මෙසේ හදිසියේ ඉවත් වීමට හේතුව කුමක්ද ?
චමින්ද විජේසිරි ඉල්ලා අස්වීම පාර්ලිමේන්තුව හමුවේ දැනුම් දෙමින් සදහන් කර සිටියේ තමාට සජිත් ප්‍රේමදාස පියෙකු ලෙස සැලකු  බවත් තමන්ගේ දුවා දරුවන්ට පියෙකු තත්වයේලා සැලකීමට තරම් තත්වයක සිටින බවත්ය.
මේ ප්‍රකාශය තුළ ඔහු අඩංගු කොට ඇත්තේ තමා අසරණ වූ හෝ පවුල අසරණ වූ තැනකදී පිහිටට සජිත් ප්‍රේමදාස සිටි බවද ? එසේ නම් එවැනි තත්වයක් උදාකිරීම සදහා යම් යම් පුවත් වාර්තා කරන ආකාරයට මුල්‍ය ගණු දෙනුවක් සිදුවී ඇද්ද යන්න සම්බන්ධයෙන් වන පුවත්ද වාර්තා වී පැවැතුනි.
කෙසේ නමුත් චැතම් ස්ට්‍රීට් යූ ටියුබ් අඩවිය සදහන් කර සිටියේ චමින්ද විජේසිරි තමන්ගේ මන්ත්‍රී ධුරය දන්දීලා එලියට බහින්නේ හිත හොඳින් නොවන බව පැහැදිලියි. ඒ වගේ මොහොතක සජිත්ගේ දරු සුරතල් කතාවක් ආවේ ඇයි කියලා, මේ වෙලාවේ දේශපාලනය ගැන උනන්දු උදවිය වගේම ගොඩ මඩ ගොසිප් ගහන උදවියත් සොයනවා.

චමින්ද විජේසිරි කියන්නේ සජබ බදුල්ල දිස්ත්‍රික්කය නියෝජනය කරපු මන්ත්‍රීවරයා. චමින්ද විජේසිරි හිටපු මන්ත්‍රීතුමාගේ හිතවතුන් කියන විදිහට මේක හදිසි තීරණයක් නෙවෙයි. කාලයක් තිස්සේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වෙන්න කියලා, චමින්දට පහුගිය කාලයක් තිස්සේ, සජබ නායක සජිත්ගෙන් බලපෑම් එල්ල වෙලා. ඒත් 2024 මැතිවරණ වසරක් බව දැන දැනම කවුද මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වෙන්න කැමති ? මතකයි නේද කොළඹ මුජිබර්ට ලැබුණ තෑග්ග. ඒ තෑග්ග දුන්නෙත් සජිත් තමයි , කොළඹ නගරාධිපති කරන්නම් කියලා.

ඉතින් ඒ දේ මතක කවුරුවත් සජිත්ගේ කීම අහලා ඉල්ලා අස්වෙන්නේ නෑ. ඉල්ලා අස්වෙනවා නම් ඒ පිස්සෙක් වෙන්න ඕන. චමින්ද විජේසිරිට ඉල්ලා අස්වෙන්න කියලා සජිත් බලපෑම් කරලා තියෙන්නේ වෙන මොකක්වත් හින්දා නෙවෙයි, චමින්දට පස්සේ බදුල්ලේ සජබ මනාප ලයිස්තුවේ ඉන්න නයන වාසලතිලක පාර්ලිමේන්තුවට ගේන්න.

දැන් අහගන්න කවුද මේ වාසල තිලක ගෙදර නයන ප්‍රියංකර වාසල තිලක කියන්නේ? ඒ තමයි සජිත්ගේ ප්‍රිය බිරිය වුනු ජලනිගේ මස්සිනා. හාලිඇල හිටපු සජබ ආසන සංවිධායක. පස්සේ බණ්ඩාරවෙල ආසන සංවිධායක ධුරයත් දුන්නා. ඒ වගේම මේ ජලනිගේ මස්සිනා වුනු නයන වාසල තිලක තමයි මේ දවස් වල සජිත්ගේ බස් බෙදිල්ලට සල්ලි වියදම් කරන්නේ. ඒ වගේම ජලනිගේ මේ වාසල තිලක මස්සිනා තමයි සජිත්ගේ ජනාධිපතිවරණ කැම්පේන් එකේ සල්ලි පොම්පය වෙලා ඉන්නේ. හැබැයි මේ වැඩේ බාරගන්න නම් නයන වාසල මස්සිනා ජලනිට වගේම සජිත්ටත් කොන්දේසියක් දාලා. ඒ තමයි ජනාධිපතිවරණයට කලින් තමන්ට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් අවශ්‍යයි කියලා. ඒකත් බදුල්ලෙන්ම ඕන කියල ඉල්ලුවා කියලා තමයි කියන්නේ.

ඒ අනුව තමයි ඔන්න සජිත් දිගින් දිගටම බලපෑම් කරලා, චමින්දට හාහාපුරා කියලා 2024 නව වසර පටන් ගන්න වෙලාවේම ඉල්ලා අස්වෙන්න කියලා තියෙන්නෙ. ඉල්ලා අස්වීම දැනුම්දුන්නට පස්සේ චමින්ද පාර්ලිමේන්තු කොරිඩෝවේ කඳුළු පිරුණු දෑසින් හිටියා කියලත් කතා යනවා. ඒ කතා මොනවා වුනත් නයන වාසල මස්සිනා ඊළඟ මන්ත්‍රී විදිහට ඔන්න අද හෙට පාර්ලිමේන්තු එන්න නියමිතයි.

ඒ විතරක් නෙවෙයි, සජිත්ගේ ජනාධිපතිවරණ කැම්පේන් එකට අදහා ගන්න බැරි මුදලකුත් විසිකරන්න නියමිතයි. මොකද නයන වාසල තිලක කියන්නේ ඔස්ට්‍රේලියාව බේස් කරගෙන බිස්නස් කරන කෙනෙක් හැටියට පෙනී හිටියට , ඒ බිස්නස් එක වෙන්නේ තරග ඔට්ටු තබන්නෙක් විදිහට. මහා පරිමාන මැච් ෆික්සින් වලින් තමයි ඩොලර් මිලියන ගණන් හොයන්නේ. මතක ඇති නේද පහුගිය LPL තරගාවලියේ ගාල්ල ටයිටන්ස් කණ්ඩායමේ අයිතිකාරයා වුණෙත් මේ නයන වාසලතිලක. ඒ වෙලාවේ ටීම් මැනේජර් කරගත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාරව. මේ වෙලාවේ කවුරුත් පුදුමත් වුනා පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් ඇයි ඒ වගේ ටීම් මැනේජර් වැඩකටත් බහින්නේ කියලා. දැන් ඉතින් ඒ ප්‍රශ්නයත් විසඳෙන්න ඕන. ජලනි, සජිත්ගේ මස්සිනාගේ සල්ලි පරිස්සම් කරන්න, ඒ වියදම් ගැන බලාගන්න වැඩේ තමයි නලින්ට පැවරුනේ.

ඔය නිසාම තමයි 2024 අය වැය විවාදය පවා ක්‍රිකට් විවාදයක් කරගන්න සජිත් මහන්සි වුනේ. මීඩියා විතරක් නෙවෙයි, ලංකා දේශපාලනයම ඩිම් වෙලා හිටියේ සජිත්ගේ මේ ක්‍රිකට් ප්‍රේමය ගැන. අපි මේවා එලියට දානකොට ඒ වෙලාවේ සමහරු කිව්වේ අපි මඩ ගහනවා කියලා. ඒත් ඔන්න ඇත්ත එලියට පැනලා. නිකන් නෙවෙයි සාක්ෂි එක්ක.

සජිත් ජලනි තමන්ගේ මස්සිනා වෙනුවෙන් මෙච්චර ආදරයක් පෙන්නන්නෙ ඇයි කියන කාරණය ගැන දෙන්න දෙමල්ලෝ ගැන දන්න අය නම් කතා වෙනවා කියන්නේ, කාලෙකට කලින් ගොඩදැම්ම කියන නිදන් සල්ලි බලාගන්නේ මේ වාසල තිලකලු. කලුසල්ලි සුදුකරන ජවාරම්කාර මැච් ෆික්ෂින් වගේ බිස්නස් කරන්නේ ඒ් සල්ලිවලින්ලු. අපි නෙමේ කියන්නෙ, සජිත් පාර්ශවයේ දේශපාලන හිතවතුන් තමයි කියන්නේ. ඒ නිසා චමින්ද විජේසිරිට අද දීපු ගේම සජිත්, කලිසල්ලි සුදු කරලා ‍මැතිවරණය කරන්න දීපු ගේමක් ද? මස්සිනාගේ දේශපාලන අනාගතය හදන්න දුන්න ගේමක් ද ? යන්න අනාගතය තීරණය කරනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *